Showing posts with label Niranjala Sarojanee. Show all posts
Showing posts with label Niranjala Sarojanee. Show all posts

Tuesday, March 20, 2012

Kawuda Awe Kawuda Awe - Niranjala Sarojani & Abeywardena Balasooriya | Story | Lyrics | Meaning

කවුද ආවේ කවුද ආවේ...
ඔබට හොරා ඔබ හදේ ඇඳී උන්
මිනිස් රුවයි ආවේ

මිනිස් හඩක් නැති මහ මැදුරක් විය
තනි මිනිසෙක් වසනා
පාළු මකන්නට ඒ මහ මැදුරට
ආවෙමි දුර ඉදලා

සදා නොදැල්වු පහනක් විය
ඝනදුර මැඳ රඳනා
සඳා අවුළුවමි එවන් පහන් සිල
රන්වන් රූ මවනා


ගේය පද: සුනිල් ආරියරත්න
ගායනය: අබේවර්ධන බාලසූරිය / නෙරංජලා සරෝජනී
තනුව: වික්ටර් රත්නායක

Tuesday, July 5, 2011

Akalata wata maha warusawak se

අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ නොසිතූ
මොහොතක
ඇයි දෝ යළි ආවේ...

පෙරදා මෙන් හද මල් පිපුණාදෝ
සතුටු කදුළු නුවනග මිදුනාදෝ
අතීත ආදර නටඹුන් අතරේ
මන්දිර මැව්වාදෝ...

සොවක් නැතේ නොසිතනු මැන සංකා
ඔබෙන් ලබනු කුමටද අනුකම්පා
රජෙකුට හිමි වූ මා දැන් රැජිනකි
සතුටයි කිරුළ අපේ...

හෙට හමුවීමෙන් කිසිදු පළක් නෑ
ඔබේ ඇරයුම පිලිගන්න හිතක් නෑ
විමසන වදනට පිළිතුරු දෙන්නම්
ළගකදි ලබන දිනේ...