Friday, June 30, 2023

Sasara Seri Sarana Thek Oba Mage - Victor Rathnayake | Story behind the Sinhala songs

ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ
හද දියව ගලායයි රැළි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිදි තුන් සිතම සලිතවේ
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ

හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එළඹිලා
තරු කඩා වැටෙන විට අහස් ගඟ කළඹලා
මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ

නා ගසක් දළුදමා වසන්තය එළඹිලා
මද පවන් රැල් වැදී සැලෙන විට කැළඹිලා
මට බලා ඉන්න බෑ දෙතොල් ඔබෙ පෙනෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ

යුග ගණන් පැමිණි මග පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැ‍ඟෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ

අහස්තල පොළෝ තල ඔබට මට පොදුවෙලා
හදවතින් එක්වුණත් ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ සියොළඟම තැවෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ

ගේය පද -ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක






Thursday, June 29, 2023

Lenchina mage Nangiye - Sunil Edirisinghe | Story behind the Sinhala songs

ලෙන්චිනා මගෙ නංගියේ ඇයි ගංතෙරට වී ගොම්මනේ //
පෙත්තරේ ලඟ පැන් තොටේ
ගම්මානයේ පව් සෝදනා
රත්තරන් වී කළු වලාකුළු
චන්ද්‍රයා සේ පායලා
ලෙන්චිනා ඇති වැඩ කලා දැන්
ගෙදර යං කළුවර වුණා

ලෙන්චිනා මගෙ... //

පින්වතුන් කැල ඇන්ද සළුපිලි
සේදුවා නුඹ සේදුවා
තාම නෑ කිලිකුණු ගිහින් ඒ
කිම්ද නොදැනේ කාරණා
සේදිලා පරිශුද්ධ වීමෙන්
යුග දෑත් නුඹෙ බබලනා

ලෙන්චිනා මගෙ...//

ගේය පද: රත්න ශ්‍රී විජේසිංහ
ගායනය: සුනිල එදිරිසිංහ
තනුව: රෝහණ වීරසිංහ





Tuesday, June 27, 2023

Punsada Reta Awidin Hene Kaluwa Bida

පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ..
රන්කෙදි සේම රන්වන් ඉරිගු සිඹිනවාද..
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද..
රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව..

නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට..
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට..
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට..
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට...

රන් කඳ සේම පින්සර මාගේ ඇතු නිදන..
රන් මල් යාන හීනෙන් දකින පින පමණ..
තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන..
රන් කැටි පුතුට ඉඩ මදි වාද මගෙ යහන...

ගායනය : නිරෝෂා විරාජිනි
සංගීතය : ඔස්ටින් මුණසිංහ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ



හේන් වැඩපල තම ජීවන වෘත්තිය කරගත් අයෙක් තම ජීවිතයේ තවත් කඩ ඉමක් පසු කරයි. ඒ ඔහුගේ විවාහයයි. විවාහවූ පලියට ඔහු මෙතෙක් කරගෙන ආ දේවල් අත්හරින්නට ඔහුට නොපුලුවන, මන්දයත් තමා මෙන්ම තම බිරිඳද රැකෙන්නේ ඒ තුලින් බැවිනි. දහවල් කාලයේ හේන් වැඩපල සිදුකලද රාත්‍රී කාලයට ඒවා සතුන්ගෙන් ආරක්ෂා කර ගත යුතුය. එසේ නොමැති වුවහොත් තම උත්සාහය, මහන්සිය සියල්ලක්ම ගඟට කැපූ ඉනි මෙන් අපතේ යයි. විවාහයෙන් පසු තම ජීවන රටාව එලෙසටම පවත්වාගෙන යාමට ඔහුට සිදුවේ. ඒ අතරතුර බිරිඳ ගෙපැලේ තනිවෙයි. මේ ගීතයෙන් කියැවෙන්නේ එසේ තනිවූ මොහොතක ඈ තුල ජනිතවන සිතුවිලි සමුදායකි.


Sunday, June 25, 2023

Thattha Wunath Ma Batha Sari Karana - Pandith Amaradewa | Story behind the Sinhala songs

තාත්තා වුනත් මා බත සරිකරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින ...

මට පෙර උරුම ආලය දරුකැලට දෙමින්
රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්
ඔබ දුටු මුල් දිනේවත් හදනොනැඟි පෙමින්
උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්

බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ
අතදරු පුතුගෙ මුව කමලේ ඇත නිබඳ
අම්මා කෙනෙක් මිස නුඹ මගෙ බිරිඳ ලෙස
නොහැගේ ලඟින් හිඳ මගේ හිසසිඹින සඳ

තාත්තා වුනත් මා බත සරිකරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින ...

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ