Showing posts with label Mariyasel Gunathilaka. Show all posts
Showing posts with label Mariyasel Gunathilaka. Show all posts

Tuesday, July 5, 2011

Sihina Nelum mal pokunu pura

සිහින නෙළුම් මල් පොකුණු පුරා
මගෙ පුතුගෙ කිරි සිහිනේ
සුවද කලා...
මගෙ ලොවම ඒ සිහිනේ පහන් වෙල
කිරි සුවද දේ මුවගේ
පවන් සලා...

බලා හිදින්නම් මා දිව රෑ පුතේ
මගෙ පුතු දිනෙන් දිනේ
ලොකු වෙන්නකෝ
සුළැගිල්ල පටලා හෙට යම් පුතේ
ඇවිදින්න මා හා
මිදුලේ වටේ......

අම්මා කියූ නාමේ මට දුන් පුතේ
රාජිනියකි දැන් මා
පුතුගේ පිනෙන්
හැම මවුවරුන්සේ අම්ම නුඹේ
සතුටින් හිදී පිහිනා
පුතුගේ නමින්

පුතු දකින උදයේ හැමදාම දැන්
නව දවසකී මට නම්
දෙන වාසනා
හිරු සදු දවල් රෑ මට පායලා
පුතු මිස වෙනත් කවුදෝ
සුරතල් පුතේ.....