Sunday, January 14, 2018

Sayurak Nodutu Gangulak - Sunil Edirisinghe | Story behind the Sinhala songs

සයුරක් නොදු‍ටු ගඟුලක්
කිසිදා ගලන්නේ නෑ
වෙරළක් අහිමි සයුරක්
කිසිදා හඬන්නේ නෑ //

කඳුලක් නොසැලු නෙතකින්
හස‍රැල් සොයන්නෙපා //
ලැබුනත් බිඳුනු හදකින්
සෙනෙහස සොයන්නෙපා

සයුරක් නොදු‍ටු ..........

සිසිලක් නොමැති අහසින්
වැසි දිය යදින්නෙපා //
ලැබුනත් බිඳුනු හදකින්
සෙනෙහස සොයන්නෙපා

සයුරක් නොදු‍ටු .......... //

ගායනය - සුනිල් එදිරිසිංහ





ගීත සාහිත්‍යයේ සුභාවිත ගීතයද ජනප්‍රිය ගීතයද ඇතැම් විට එකම මාවතක ගමන් කරයි. සුනිල් එදිරිසිංහයන්ගේ සයුරක් නොදු‍ටු ගඟුලක් ගීතයට පාදක වී ඇත්තේ දෙදරා ගිය ආදරයකි.

සයුරක් නොදු‍ටු ගඟුලක්
කිසිදා ගලන්නේ නෑ
වෙරළක් අහිමි සයුරක්
කිසිදා හඬන්නේ නෑ

සත්තකින්ම ගඟුල සැම විටම සොයා යනුයේ මහා සාගරයයි. සාගරය නොවන්නට ගංගාව කොතැනක නතර වේද? ඇතැම් විට එසේ වී නම් ගඟුල නොගලා තිබෙන්නට හැක. එසේම සයුර සැම විටම උත්සාහ කරන්නේ වෙරළ කරා පැමිණීමටය. නමුදු වෙරළක් නොතිබෙන්නට සයුර මෙසේ හඬයිද? නමුදු ගීත රචකයා තවම කතාවේ හරයට පැමිණ නොමැත. 


කඳුලක් නොසැලු නෙතකින්
හස‍රැල්  සොයන්නෙපා
ලැබුනත් බිඳුනු හදකින්
සෙනෙහස සොයන්නෙපා

සත්තකින්ම  සිනාසීමට හැක්කේ හැඟීම් ඇත්තවුන්ටය. කඳුළක් හෙළනුයේ දුක නම් වූ හැඟීම ඇති වූ විටකය. එනම් සිතට හැඟීමක් දැනී ඇත. එසේම සතුටක් ඇති වන්නේද හැඟීම් පිළිබඳ අවබෝධයක් ඇත්තවුන්ටය. ඔහු කියන්නේ බලාපොරොත්තු නොවිය හැකි දේවල් බලාපොරොත්තු නොවිය හැකි අයගෙන් නොපැතිය යුතු බවය. එසේම කවදාවත් පෙමක් බිඳී ගිය කල නැවත එහි සෙනෙහස සෙවීමෙන් ඵලක් නැත.

සිසිලක් නොමැති අහසින්
වැසි දිය යදින්නෙපා
ලැබුනත් බිඳුනු හදකින්
සෙනෙහස සොයන්නෙපා

පෙර කී ලෙසම ඔහු කියන්නේ බලාපොරොත්තු නොවිය හැකි දේවල් බලාපොරොත්තු නොවිය හැකි අයගෙන් නොපැතිය යුතු බවය. සුනිල් එදිරිසිංහයන්ගේ ගීතයේ කතාවකට වඩා ඇත්තේ උපදේශයකි.

Source

No comments:

Post a Comment