එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයි ද විරහී හිත අද්දරට
ස්ත්‍රී පුරුෂ ප්‍රෙමයේ අන්ත ඵලය වන්නේ සම්භොග සුවයයි. ප්‍රේම කරන අවදියේ දීම එය ලබන්නෝ වෙති. නමුත් ප්‍රේමය පල නොදරා බිදී ගිය කල එය වරදක්ද, සන්තාපයක් ද වන්නේ ගැහැණියටමය. අවස්ථා එමට තිබියදීත් තම පෙම්වතිය රාග මාවතේ නොකැදවන බොහෝ මානවකයෝ සිටිත්. ඒ ඔවුන් සත්‍ය ලෙසටම ප්‍රේම කරන්නේ තම ආදරවන්තියට විනා ඇගේ ඇග මසට නොවන බැවිනි. නමුත් එවන් යහපත් පෙම්වතුන්ම විරහ වේදනාවන්ට පත්වෙති.
සිය අත් මත එක්පෙති මලක් ව තිබියදිත් මේ යුවතිය ගේ තාරුණ්‍ය ඔහු නෙලා නොගන්නේ ඔහු ගේ බෝසත් ප්‍රේමය නිසාවෙනි. නමුත් ඔහුට සිදුවන්නේ ඇය ඔහු හැර අන්කෙකු හා සරණ යන විටදී ගම් දොරටවත් නොපැමිණ මුළු ගානි වී සිටීමටය.
විස්මිත කමට අදහන්නට බෑ තවම
මා හැර දමා නුඹ ගිය මග ගැන අරුම
සතුකර ගන්ට මුල් පෙම නොපිදූ බැවින
දුක්බර සිතට කීවෙමි නොහඩන ලෙසට
ඔහු එතරම් ආලය කරද්දීත්. ඇය වෙනකෙකු ගේ සරන පැතීම, සරණ යාම ඔහුට පුදුමයකි. මෙතරම් වන බෝසත් ප්‍රේමයකට ඇය පිටුපෑම ඔහු ට අදහන්නට බැරිකරුණකි. අවස්ථා තිබියදීත් ශාරීරිකව ඇය තමා ගේ කර ගන්නට, ප්‍රේමයේ මිහිර විදින්නට අවස්ථාව තමා අත්හල බව ඔහු හොදින් ම දනී. එනිසා ඔහු තම දුක්බර හිතට නොහඩන ලෙසට කියයි. එහි අරුත් එකක්මය. එනම් ඔහු ගේ හිත හඩා වැටෙන බවය.
සිටිනා කොදෙව්වක නුඹ සැප විදීනම්
මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්
මතකය නුම ට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්
ඇය කොතනක හෝ සැපෙන්, සතුටින්, තම ප්‍රේමය වැනි බෝසත් පෙමක් ආශ්වාදනය කරමින් හිදි නම් එය ඔහු ගේ ආත්මීය සතුටයි. තම මතකය පවා ඇයට හිරිහැරයක් නොවේවා යන්න ඔහු ගේ පැතුමයි. ඔහු ගේ ඉල්ලීම තවත් දුක් ගී කල්පනාවන් හිතට ආරම්මණය කර නොගන්නා ලෙසටය. මූලාශ්‍රය: Elakiri.com
|
No comments:
Post a Comment