Friday, July 14, 2023

Raja Meduraka Ipadi Sitiyanam - Malani Bulathsinhala | Story behind the song | Lyrics | Meaning

රජ මැදුරක ඉපදී සිටියානම්
නුඹත් රජෙකි
පුතුනේ...
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරි යහනේ
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ...
රෑ යාමේ

පුංචි පැටික්කන්
මග දිග අඬවන
සිල්ලර රස කැවිලි...
දුව යන ඉගිලෙන
විසිතුරු සෙල්ලම් යානා
පෙනි පෙනී...
අහක බලාගෙන
මග දිග යනවිට
නැහ මට වාවන්නේ...
හීනෙන් හිනා නොවී
මා හඬවාපන්
මේ රෑ යාමේ...

ඉඳහිට මොලවන
ලිපත් දනී පුත
ලුණු රස සුනු සහලේ...
රස බොජුනක් සේ
දිව ගා ඇල්මෙන්
අකුරට දිව යන්නේ...
ඇඳලා කල්ගිය රෙදි වැරළී
නැහැ මට වාවන්නේ...
හීනෙන් හිනා නොවී
මා හඬවාපන්
මේ රෑ යාමේ...

ගී පද - ලූෂන් බුලත්සිංහල
තනුව - එච් එම් ජයවර්ධන
ගායනය - මාලනී බුලත්සිංහල







ජීවිතය කියන්නෙ මොනතරම් අහම්බයක්ද....? ජීවිතය කියන්නෙ මොනතරම් අසාධාරණයක්ද....? ළමයෙකුට අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් හිනාවෙලා අඩවන්න පුළුවන් කියල ඔබල අහල තියෙනවද....? ඒත් දැන් අපි කතා කරන ගීතයේදි මේ පුතා අම්මව තමන්ගෙ සිනහවෙන් රිදවනව... අඩවනව.....හොදටම අඩවනව.....

පුතේ උඹ හැබහින් හිනා උනානම් ඒක මට සැපතක්... උඹ හැබැහින් ඇඩුවත් මට ඒක සැපක්..... උඹව රජෙක් නොවුනෙ මගේ කරුම දුප්පත් කමට... ඒත් උඹ මේ දුප්පත් පැලේ හිරිකඩ වැටෙද්දි... පොල් අතු ගැලවෙන්න හදද්දි... හීනෙන් රජ සැප විදිමින් හිනාවෙනව.... මම කොහොමද උඹ ඒහෙම හිනාවෙනව අඩන්නෙ නැතිව බලාගෙන ඉන්නෙ පුතේ........

රජ මැදුරක ඉපදී සිටියානම්
නුඹත් රජෙකි
පුතුනේ...
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරි යහනේ
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ...
රෑ යාම

උඹ පුතෙක් නෙවෙයි දෙව්ලොවෙන් ආපු දේව කුමාරයෙක්.... නිහඩවම ඉදගෙන මාව ඇයි මගේ පුතේ මෙතරම් රිද්දන්නෙ.... ඇයි උඹ වගේම, උඹේ වයසේම ළමයි පාර දිගේ යනකොට රස කැවිළි දැකල ඉල්ල අඩනව.... සෙල්ලම් බඩු දිහා බලල පොරකනව ඒව ඉල්ලල..... ඒත් උඹ.... ඒව ලගදි අහක බලාගන්නව... ඇයි මගෙ පුතේ ඇයි.... උඹ තාම පොඩියිනේ... මෙච්චර පොඩි වයසෙන්ම උඹට කොහොමද පුතේ මගේ අසරණ කම, මගේ දුප්පත් කම තේරුණේ... මට උඹ ඉල්ලන දේවල් අරන් දෙන්න සල්ලි නැති නිසා මම දුක්වෙයි, මගේ හිත රිදෙයි කියල නේද මගේ පුතේ එහෙම අහක බලාගන්නෙ.... උඹ පුතෙක් නෙමෙයි බෝසත් කෙනෙක්.... ඒව ඉල්ලල මට වද නොදී, මාව අසරණ නොකර හීනෙන් ඒ රස විදින විදිය මට පේනව පුතේ.... මම කොහොමද දෙවියනේ මේක වාවගන්නෙ.....

පුංචි පැටික්කන්
මග දිග අඬවන
සිල්ලර රස කැවිලි...
දුව යන ඉගිලෙන
විසිතුරු සෙල්ලම් යානා
පෙනි පෙනී...
අහක බලාගෙන
මග දිග යනවිට
නැහ මට වාවන්නේ...
හීනෙන් හිනා නොවී
මා හඬවාපන්
මේ රෑ යාමේ...

අපි කොයිතරම්නම් දුප්පත්ද .... හරියට තුන්වේල කන්න අපිට වත්කමක් නෑ.... වේලක් කන්නෙ තව වේල් දෙකක් බඩගින්නෙ ඉන්න ඕනි නිසා.... ඒ හදන කෑම වේලෙත් කන්න දෙයක් නෑ... ඒත් ඒ හුනු සාලයි ලුණුවතුරයි කිසිම දෝෂයක් කියන්නෙ නැතිව කන්නෙ කොහොමද පුතේ..... උඹ ඒක මට පේන්න හරිම ආසාවෙන් කනව... උඹ පුතෙක් නෙමෙයි තාත්ත කෙනෙක් ... ඔය පුන්චි වයසටම මේ තරම් මම ගැන, මගේ හිත ගැන හිතනවා..... මම දෙන මොනව හරි බඩට දාගන්න උඹ, හරි උද්යෝගයෙන් දුවගෙන යනව ඉස්කෝලෙ..... එහෙම කරන්නෙ ඇයි පුතේ.... වෙන ළමයි වගේ ආස කරන දේවල් ඉල්ලල මාවා අසරණ කරල මාව අඩවපන්, ඒත් ඒක යට වාවගන්න පුළුවන් ඒත් එහෙම නොකර අනේ නිහිඩවම තමන්ගෙ ආසාවල් යටපත් කරගන්න එපා... උඹ තවම පුන්චි වැඩිය රත්තරන් කොල්ලො.... ඒ උඹ යටපත් කරන හැම ආසාවක්ම හීනෙන් විදල හිනාවෙනකොට , ඒක දකිනකොට මට ඉවසගන්න බෑ.. මගේ පපුව පැලෙයි... මම අසරණයි මගේ පුතේ.... මම අසරණයි.....

ඉඳහිට මොලවන
ලිපත් දනී පුත
ලුණු රස සුනු සහලේ...
රස බොජුනක් සේ
දිව ගා ඇල්මෙන්
අකුරට දිව යන්නේ...
ඇඳලා කල්ගිය රෙදි වැරළී
නැහැ මට වාවන්නේ...
හීනෙන් හිනා නොවී
මා හඬවාපන්
මේ රෑ යාමේ...

ඇස් දෙකට කදුළු උනන තරම් සංවේදනීය කතාන්තරයක්... පුතෙක් හීනෙන් හිනාවෙලා අම්මව අඩවනව කියන එක කොතරම් නම් හැගුම්බර කාරනයක්ද.... මව කොච්චරටම අසරණවෙලාද... මේක තමා යාළුවනේ අපි නොදකින අපිට නොපෙනෙන සැබෑ සමාජ යථාර්ථය.... ඔබත් මමත් සැපට වාඩිවෙලා මේ විචාරය කයවන මොහොතෙදිත් අතේ මුදල් නැති කමට කොතරම් නම් පිරිසක් බඩගින්නෙ ඉන්නව ඇතිද කියල හිතන්න.... මොහොතකටවත් අපි ඒ අය වෙනුවෙන් දුක්වෙමු..... සමාජ අසාධාරණය ගැන කියවෙන මේ ගීතය නම් ඉතාම සංවේදී ගීතයක්.... යාළුවනේ මේ විචාරයෙන් පස්සෙ මේ පුළුවන්නම් ගීතය අහන්න... සමාජ යථාර්තය මේකයි... අපි කොතරම් උත්සාහකලත්.... සමාජයේ උස්-පහත්, කළු-සුදු, ඇති-නැති පරතරයන් තියෙනවා.... මේ ගීතය විචාරය මම අවසන් කරන්නෙ දිනයක අන්න ඒ දේ තුරන්වේවා කියල ප්‍රාර්ථනා කරමින්.....

මූලාශ්‍රය: Elakiri.com

No comments:

Post a Comment