Wednesday, July 27, 2011

Viduli Dumriye Chanchala nadhaya


විදුලි දුම්රියේ චංචල නාදය
සවනත වැකෙන සඳේ...
කඳුළු පිරි දෙනෙතින් අතරින් මිහිරක්
මතුවිය සැලෙන හදේ...

සීත කඳුකරේ මීදුම අදිකයි
පමා වුණෙමි සොඳුරේ...
රූපවාහිනී අංජන රේඛා
නළඟන ඔබද ළදේ...

ආදර සුවඳින් දසතම මත්වෙන
වසන්ත සුළඟෙ හැපී...
සාගර විලමත පාවෙන උයනේ
මී විත පුරමු අපි...
මිනිසා පළමුව සඳ තරණය කළ
විසිතුරු කතන්දරේ දුර සඳ මඬලේ
සිනමා මැදුරක නරඹමු නිසංසලේ...

පාවෙන සඳකැන් සිසිලෙන් නෑවෙන
ආදර සඳුන් වනේ... නරඹමු සුරඟුන්
රඟදෙන රැගුමන් පියඹන අවන් හලේ...

මිනිසා හට දින සොයමින් වෙහෙසෙන
පරසතු කුසුම් විලේ ජයපැන් තොලගා
අමරණීය වන කුමරුන් මමය ඔබේ....

No comments:

Post a Comment