සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා සද වනියේ නුඹ නම්-සැනකෙළියයි මගෙ නම් කවියන් ගේ දෑසේ රස සීමා පණිනා සිහිනෙක් රෑ අවුදින් - සුවදක් සේ ළග හුන් සංවරියේ රන් තිත කෝ මා පානනා සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම් දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා
වාත්තු කර ඇති දේහ තලාවට හේත්තු වෙන්න ද හෙවනැල්ලෙන් කාන්ති ඉහිරෙන නයන ඉනාවට සාන්තුවර සිත හීදැල්ලෙන් හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ දග මෙනෙවිය ඔබ මා වල්මත් කළ අරුමැසියයි මෙලොවේ
සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම් දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා
වීණා බද වට කැරකෙන වරලස අණ දෙන හෘද ස්ඵන්දනයෙන් සුසුමේ රිද්මයට ම රග දෙයි ඔබ මගේ පෘථග්ජන සිතුවිල්ලෙන් හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ රතු නළගන මගේ හිත අවතැන් කළ එකම ළදයි මෙලොවේ
සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම් දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා සිහිනෙක් රෑ අවුදින් - සුවදක් සේ ළග හුන් සංවරියේ රන් තිත කෝ මා පානනා සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම් දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා
ගී පද : කැලුම් ශ්‍රීමාල්
තනුව : සංගීත් වික්‍රමසිංහ
ගායනය : අමරසිරි පීරිස්
|
No comments:
Post a Comment