Monday, July 18, 2011

Sendhe Adura lowa galana welawata

සැඳෑ අදුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
දහසක් දොම්නස් සිහින පවුරු මැද
තනිවුණු ඔබේ සුසුමන් සෙමෙන් විත්
මගේ සවනත පාරයි...//

තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
සරණ විටදි රැය ගෙවෙන තුරාවට...//
මහද සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ
එතෙර වන්න නිබඳේ ඒ ලොව වෙත
එතෙර වන්න නිබඳේ...

සැඳෑ අදුර ලොව...

නිමල පැතුම සපුරාගෙන හද තුළ
සිහින ලොවින් නෙත සරණ වෙලාවට...//
අරුණලු නැගෙන පැයේ කුසුමක් වෙමි
ජීවන මල් ගොමුවේ... ඔබේ ආදර
ජීවන මල් ගොමුවේ...

Sunday, July 17, 2011

Kohe yannada

කොහේ යන්නද
කොහේ ඉන්නද
ඔබත් ඇසුවා මගෙන්.......
මමත් ඇසුවා ඔබෙන්......

මං මුලාවී ජීවිතේ අපි
ළං වෙලා ඉමු මේ ලෙසින්
තවත් පෙම්වතියන් පෙම්වතුන්
එනතුරා මේ මාවතේ
ගමන් මග විමසා අපෙන්...

මේ ලෙසින් සසරේ පුරා අපි
ළං වෙලා සිටියේ හදින්
හෙටත් අද වාගේ..... බලා හිඳිමු
සිත් සතන් නැති ලෝකයා
පෙම් සුවේ දකිනා තුරා.....

කොහේ යන්නද.....

Oba giyama duka mata dee

ඔබ ගියාම දුක මට දී
දුක දරා ගන්න නොහැකී
ටජ් මහල් සිහින ඉතිරී
සිත අනාථ වී සරමී...//

ඔබ ගියාම දුක මට දී
හිරු හදිස්සියෙන් මියැදී...//
ලොව සැනෙන් අදුරේ ගිලුණි
හිරු උමතු දුකින් දැවුණි

ඔබ ගියාම...

ඔබ ගියාම දුක මට දී
ඔබ ගියා කියා නොසිතී
ඔබ ගැනම සිහින පුරමී
දුක තුළද ඔබ දකිමී

ඔබ ගියාම...

Kadulu Binduwa....

මටම පෙම් කර - නෙතග නිවසන
සද නොසිදෙන - සුනිල උල්පත
කඳුළු බිංදුව.....

සමනලිය නෙත ලැගුම් ගෙන හුන්
නුඹව පළවා හැරිය දා මං
උන්හිටිය තැන් අහිමි වීමෙන්
මවෙත වෙර බැද - පිටව ගිය නුඹ
කඳුළු බිංදුව.....

නිඩැල්ලේ ඔහෙ - ඉගිල ගිය ඇය
මගේ විජිතෙන් - වහන් වුණු සඳ
කොහේදෝ හිඳී ජීවතුන් මැද
මවෙත පෙම් බැඳ - පැමිණි සකි සඳ
කඳුළු බිංදුව.....

Samawa illa hada wetennata

සමාව ඉල්ලා හඬා වැටෙන්නද
ඔබ ආදරය කළේ...
පරාද කර මා හද රිදවන්නද
ඔබ ආදරය කළේ...
ඔබ ආදරය කළේ...

තරු නැති කළුවර
පාළු අහස් ගැබ
පුරා හඳක් මේ පයා ආ ඔබ
කිමදෝ වෙන්න ගියේ...
සමාව ඉල්ලා...

ඔබේ පෙමට වෙන්වූ මා හදවත
හඳුනන්නට බැරි වේදෝ ඔබ හට...
ඇයි මා අතැර ගියේ...
සමාව ඉල්ලා...