Friday, July 22, 2011

Athegili bedune ai me wilasata

අතැඟිලි බැදුනේ ඇයි මේ විලසින්
ඔබ හමුවෙන්න කලින්
සෙනෙහස ඔබගෙ කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමං...

ඔබ ළඟ ඉන්නට ඔබ ලැබ ගන්නට
මා හට නොමැත වරම්...
මිහිපිට මා හට නැහැ වෙන සතුටක්
ඔබේ රුව දකින තරම්...
සෙනෙහස ඔබගෙ කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමං...

සිත සිත ඔබ ගැන දින දින ල්තැවෙන
වෙන මා කරමි කුමක්...
හමුවුණෙ ඇයි අපි ඇසුරු කරන්නට
එය මා සිතට දුකක්...
සෙනෙහස ඔබගෙ කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමං...

සිතු පැතු සැමගේ නැහැ ඉටුවන්නේ
ලොව අප පතන ලෙසින්
මතු එක් වෙන තුරු යළි වෙන්වෙමු අපි
ඔබහට ආයුබොවන්
සෙනෙහස ඔබගෙ කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමං...

No comments:

Post a Comment