Saturday, July 16, 2011

Kiri dunne daruwantai

කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ
පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
ඒ කලගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ

අහිංසක තිරිසන් ගවයාටත් පණයි තිබෙන්නේ
එවන් සතෙකු අහෝ අකාලයේ කිමද මරන්නේ...
ටිකක් හිතල බලනු ඌ පිරිසිදු තණකොල කන්නේ
නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණු කන්නේ

කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගවමස් උයලා
බලනු තුන්සිය හැටපහ වැඩි කර තිස්පහ යොදලා
ගණන දොළොස් දහස් හත්සිය හැත්තැපහක් වෙලා
ඔබට තෙරුණාද ඔබකල පව් දුර දිග නොබලා...

කිරි දුන්නේ දරුවන්ටයි...

මුදල් තණ්හාවෙන් සමහරු ගවයා විකුණන්නේ..
අහිංසක සතෙකුගේ ඉරණම ඉන්පසු විසදෙන්නේ
යලිත් ඒ මුදලින් මස් ගෙනවිත් රස කර කන්නේ...
තමන් විකුණූ ගවයගේ මස් බව ඔහු නැහෙ දන්නේ...

ගිතෙල් මීකිරි එළකිරි පස්ගෝ රස සපයන්නේ
ඉවතලන පොහොරින් මහ එළවලු කොටු සරු වෙන්නේ...
මෙවන් සතෙකුගෙ මස් නොකන අයට සෙත සැලසෙන්නේ...
එවන් පිරිසිදු හදවත් තුළ දෙවියන් වැඩ ඉන්නේ...

Mangala Madu Samaya Patha

මංගල මදු සමය පතා
කුලගෙට ආ රූපිකාව
පාළු ලොවක තනිකරදා
දියඹට යනවා...
කුස ගින්දර නිවා ගන්න
දියඹට යනවා...
හෝ... හෝ... හෝයියා...

රැල්ල බිඳින අඳෝනාව
ජීවන මලපොත කියවයි
නිම් නැති නිම් වළලු පෙලේ
සම්පත ඇය සැනසුමයි
ඇය මට අත වනනු පෙනේ
ඉවුරු කොනේ තොටුපලේ...
හෝ... හෝ... හෝයියා...

අදුර බිඳින තාරකාව
කළු ලන්තෑරුම් එළියයි
ඔරුකද ඇතුලේ දැනුනේ
ඊයෙ ලද උණුසුමයි
ඇය මට අත වනනු පෙනේ
ඉවුරු කොනේ තොටුපලේ...
හෝ... හෝ... හෝයියා...

Saturday, July 9, 2011

Eka kirulak paladinnata behe

එක කිරුළක් පලදින්නට බෑ
එකම සිහසුණේ ඉන්නට බෑ
සුලෝචනා අප දෙදෙනාටම
එක රජදහනක රජ කරන්න බෑ

මගේ කදුළ ඔබගේ දෙතොලේ
සුවද සිනා රැල්ලක් වේවා...
සුලෝචනා දුක නොහදුනනා ඔබ
මේ ගැන තව ලත විය යුතු නෑ

ආදරයක් වෙනුවෙන් දෙන්නා
තරගයකට ඉඩ දිය යුතු නෑ
සුලොචනා අප දෙදෙනාටම
එක හදවතකට පෙම් කරන්න බෑ

කිරුළ සිහසුනයි රජ දහනයි
ඔබටම පවරා පිට වෙන්නම්...
සුලොචනා අප දෙදෙනාටම
එක හදවතකට පෙම් කරන්න බෑ...

Age sinahawa thahanam

ඇගෙ සිනහව තහනම්
ගෙදරින් මට තහනම්
සැලවෙයි ගෙදරට
ඇය හමුවුණොතින්
චර පුරුෂයො දැන් මා වටලා
යන එන හැම තැන මුර දාලා

යාබද නිවසේ ඇය ඉන්නේ
එනමුදු ගව්වක දුර වැන්නේ
එනමුදු ගව්වක දුර වැන්නේ
යාබද නිවසේ ඇය ඉන්නේ

පෙළපත කුලගොත වෙනස් වෙලා
නෑදෑ පියවර හරස් වෙලා
නෑදෑ පියවර හරස් වෙලා
පෙළපත කුලගොත වෙනස් වෙලා

ඇගෙ සිනහව...

Wasanthaye aga - Edward Jayakodi | Story | Lyrics | Meaning

වසන්තයේ අග
හමුවෙමු සොදුරියේ...
ලවැලි තලාවක
විසුල කුසුම් මත...
අතිනතගෙන පෙර නොකී කතා අසා...
අලුතින් සුසුමක්ගෙන වෙන් වී යමු
ලා සද නැගෙනා...
හෝරාවේ...

ගිමන් නිවන්නට ජීවිතයේ...
යළි කෙදිනද ඉඩ සැලසෙන්නේ...
නොදනිමු එය අප නොවී පමා
පියවර මැන යමු යොදුන් ගෙවා

වසන්තයේ අග....

දොරගුළු හැරලමු අපි දෙහදේ...
හිනැහෙමු පෙර අප පැතූ ලෙසේ...
කිසිවෙකු නොදකින නිහඩ පැයේ
තනිවෙමු මොහොතක් අපේ ලොවේ...

වසන්තයේ අග...


ගේය පද: කපිල කුමාර කාලිංග
ගායනය: එඩ්වඩ් ජයකොඩිගේ
තනුව: රොහණ වීරසිංහ