Wednesday, February 27, 2013

Siyabala Malak Obe Dothe Pipenakota - Asanka Priyamantha Peiris

සියඹලා මලක්‌ ඔබ දෝතේ පිපෙනකොට
ඉගිලිලා යන්න බෑ ඔය ඇස්‌දෙකෙන් මට
පියඹලා ඇදෙන රන් සමනළ යුවලකට
නුඹේ හිතේ පෙම් සුවඳ ඇති තනි තොතනියට....

පෙම් හසුන් ඔබ ලියූ කවි පේලි සුන්දරයි
රත්තරං හදවතේ ආදරේ පිවිතුරුයි
තනිවෙන්න දෙන්නෙ නෑ
මේ සිත ඔබට ආදරෙයි............

නෙතු සිඹින පුරහඳ ලස්‌සනයි රැයකට
අමතක කරන්නෙපා මා ඔබේ සඳවත
සිහිනෙන් ඇවිදින් මගේ යහනේ
ඉන්න දෙව්දුව..............

ගේය පද: චන්න ජයනාත්
ගායනය: අසංක ප්‍රියමන්ත පීරිස්
තනුව: රොහණ වීරසිංහ



 


කාගෙත් ඇස්‌ කන්වලින් මිදීලා නිදහසේ තනිවෙන්න ඇත්නම්.... ආදරවන්තයන් යුවළකට ඒ තරම් සතුටක්‌ තවත් නැහැ...... ඒ වෙලාවට ඔවුන්ට අවට කිසිම දෙයක්‌ ගැන නිනව්වක්‌ නැහැ..... ඒ අය ඉන්නේ ඒ අයටම වෙන්වූ සුන්දර ලෝකෙක.... කුඩයක්‌ යටට වෙලා මුහුදු වෙරළක, බංකුවක්‌ මතම හිඳ මල්වත්තක, අඳුරේ තුරුළු වී සිනමාශාලාවක.... මේ අය එකිනෙකාට කියන කතා..... පැණි වෑහෙන..... ආදර වදන්.... අත්දැකීම් නොලද්දවුන් සිටිත්ද...


සියඹලා මලක්‌ ඔබ දෝතේ පිපෙනකොට
ඉගිලිලා යන්න බෑ ඔය ඇස්‌දෙකෙන් මට
පියඹලා ඇදෙන රන් සමනළ යුවලකට
නුඹේ හිතේ පෙම් සුවඳ ඇති තනි තොතනියට....

ඇය කෙරෙන් ඔහු දකින දේ උපමාවකටත් හරවලා.... මට ඔයා කෙරෙන් ඉවතට යන්න බැහැ...... අපි දෙන්න වගේම රන් සමනල්ලු යුවලක්‌ ඈතට ඈතට පියඹලා යනවා.... ඔයාගේ හිත පෙමින් පිරිලා..... ඉතින් ඒ සමනලුන්ගේ තනි නොතනියට ඒ පෙම් සුවඳ හොඳටෝම ඇති.......

මේක ආදර ගීතයක්‌..... හිතේ අදහසකට ලියුවා මිස නිමිත්තක්‌ නම් නැහැ.... අසංග ප්‍රියමන්ත සමාජය ගැන ගී ගයන කාලේ තමයි මේ ආදර ගීය "කඳුළු අහංකාරයි" ඇල්බමයට කළේ..... ගියේ පදරචකයා චන්න ජයනාත්ගේ අදහසයි ඒ....

පෙම් හසුන් ඔබ ලියූ කවි පේලි සුන්දරයි
රත්තරං හදවතේ ආදරේ පිවිතුරුයි
තනිවෙන්න දෙන්නෙ නෑ
මේ සිත ඔබට ආදරෙයි............

පෙම්වතා පෙම්වතිය කරන දැත්, පෙම්වතිය පෙම්වතා කරන දැත් අගයනවා නම්..... ඒ තරම් සතුටක්‌ තවත් තියේද.... එතකොට ආදරය තව තවත් වැඩි වෙනවා.....

ඔයා ලියූ ආදර ලියුම්.... ඒවායේ තිබුණ කවි.... හරිම සුන්දරයි..... ඔයාට තියෙන්නේ රත්තරං හදවතක්‌..... ඒ හදවතින් කරන ආදරය..... විචිත්‍ර ආදරයක්‌..... මම ඔයාව කවදාවත් තනි කරන්නේ නෑ..... මගේ හිතත් ඔයාට ආදරය කරනවා..... පැණි වෑහෙන කතා ඔහු ප්‍රේමවන්තිය හමුවේ පවසනවා......

මේ ගීය චන්න ලියූ කාලයේදී මල් ගැන, පන්සල් ගැන එක දිගටම ගීත ගැයුණා.... ඒත් ඒ මල් රැල්ලට චන්නගේ මේ සියඹලා මලක්‌ ගීය හසු වූයේ නැහැ.... මෙය ඒ රැල්ලෙන් බැහැර වූ ගීයක්‌.....

සංගීතය තනු නිර්මාණය රෝහණ වීරසිංහගේ..... අසංග ගයන අනෙක්‌ ගීතවලට වඩා මේ ගීයේ වෙනසක්‌ දැනෙනවා.... පද රචකයා තම අදහස්‌ පළකළා.

නෙතු සිඹින පුරහඳ ලස්‌සනයි රැයකට
අමතක කරන්නෙපා මා ඔබේ සඳවත
සිහිනෙන් ඇවිදින් මගේ යහනේ
ඉන්න දෙව් දුව..............

අන්ධකාර රැයකට පූර්ණ චන්ද්‍රයා කෙතරම් ලස්‌සනද..... ඒ වගේම තමයි මට ඔබත්..... මාව අමතක කරන්න එපා..... සිහිනෙනුත් මා වෙතට එන්න..... ඇවිදින් මගේ යහනේ සැතපෙන්න......

ඔහු ඈ වෙත ආයාචනා කරනවා... ඒක ආදරණීය ඉල්ලීමක්‌..... මේ තරම් ලස්‌සන රැයක.... ඔබ මා සමග සිටිනවා නම්.... ඒක හීනයකින් හෝ දකින්න ලැබේ නම්...... ඒ මොන තරම් සිතට සතුටක්‌ ද.......

ඉතා සරල පද මාලාවකින් යුත් ආදර ගීයක්‌..... තරුණ පරපුර වඩාත් ආකර්ෂණයට පත්කළ ගීයක්‌..... අසංකගේ ලයාන්විත හඬ ගීතය සර්ව සම්පූර්ණ කරන්න මැනැවින් දායක වී තිබෙනවා.

1 comment:

  1. Ela kiriiiiiiiiiiiiiiiiiiiiiiii.........................

    ReplyDelete