Tuesday, July 10, 2012

Nihada Mawathe

නිහඬ මාවතේ පාළු නිවහනේ
අවිහින්සක යුවති
නොසිතූ ලෙස මගෙ මුළු දිවියම
ඔබ රුව තුළ සඟවා
එහි සිරගත කරවයි

අතීතයේ එක් විරාමයක වෙන් වී
යළි සමු ගන්නද මෙලෙසින් හමු වූයේ
කිසි දින නොලැබෙන බව ඔබ දැන දැන
දින දින ඇයි අමතන්නේ
දින දින ඇයි හමු වන්නේ

ජීවිතයේ තව කඳුලක් වන්නට දෝ
තහනම් පෙමකට මෙලෙසින් ලියැවෙන්නේ
යුවතියෙ ඔබෙ මුදු වදන් අතර මා
මුල් පෙම බොඳවී යන්නේ
මුල් පෙම ගිලිහී යන්නේ

c

Mal Mitak Thiyanna

මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ

සොඳුරු කවි ලියන හිත් කොණේ
තාරුකා වහින රාත්‍රියේ
ගෙල වටේ වෙළී හමා ඇදී නල රැලි
ඔබයි මගේ

තුරු ලතා පවා දුකින් වගේ
අත වනා හොයන්නෙ ඔබ කොහේ
හැන්දෑව වගේ සෞම්ය වී නිදා ඉන්න
මගෙ හදේ 
a

Sunday, June 3, 2012

Ran Dholwen Kendawa yami mama


ඈත ක්ෂිතිජයෙ හැඩට රුවින්
දිලෙන තරුව ඔබ නම්
මේඝ වලා සළු පට අතරින්
මම ඔබ වෙත එන්නම්

ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
අපි ඉමු පිලිසඳරේ
රන්දෝලවෙන් කැඳවා යමි මම
කුමරිය ඔබ මාගේ......

සඳළුතලාවේ මුණින් තලා වී
කඳුළැල් පිරුණු නෙතින්
සමුගන්නම් මම කුමරිය ඔබගෙන්
ආයෙ දකිනු රිසින්.....

Buddhan Saranan Gachchammi

බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි

ඔබෙ රාගී මන කැළඹේ දෝ
ක්ලේෂයෙ ඕඝය නෑවේදෝ

ඔබෙ රාගී මන කැළඹේ දෝ
පිවිතුරු හදවත පෑරේ දෝ
එමවිට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමි

බුද්ධං සරණං ගච්ඡාමි...

මෛත්‍රී කරුණා දූෂිත වී - ක්‍රෝධය ඊර්ෂ්‍යා පෝෂිත වී
හිංසා පීඩා දේවිදෝ - මිනිසා තිරිසන් වේවි දෝ
ඝෝර විසැති නයි පොළොඟුන්
මිනිසුන් මිතුරු වෙසින් ඒ නම්
එමවිට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමි

බුද්ධං සරණං ගච්ඡාමි...


දුක් බරිනි මිරිකී යා දෝ - සත්‍යය ලොකේ වැනසී යා දෝ
නිර්මල පිවිතුරු චරිතෙ ඔබේ
පවිටෙන් බොරුවෙන් කෙළෙසා දෝ
අගතිය යුත්තී මාරුතයේ
ප්‍රාණෙ ඔබේ දෙදර යා දෝ

එමවිට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමි

බුද්ධං සරණං ගච්ඡාමි...

ගායනය: මොහිදීන් බෙග්
ගේය පද: කරුණාරත්න අබේසේකර
තනුව: අනිල් බිස්වාස්




Tuesday, April 17, 2012

Jayasiri Maha Hamuduruwane - Deepika Priyadharshani Peiris | Story | Lyrics | Meaning


ජයසිරි මහා හාමුදුරුවනේ
දර මිටි ඇද්දා
රෑ නිදි වැරුවා
ගිනිමැළ ගහගෙන රැක සිටියා
එහෙව් අපට අද එන්න තහංචි ද

වැලි මළුවේ හිඳ සාදු කියනකොට
අහිතක් නොහිතා ඉන්න හොඳයි
ඉස්සර වාගෙම දාඩිය මුහුවුණු
අපේ බාර පිළිගන්ඩ හොඳයි

රන්වැට පාමුල සාදු කියනකොට
ළෙන්ගතුකම් නොහිතන්ඩ හොඳයි
බුදු හාමුදුරුවො දුටුවා වාගෙයි
දුක ඉවසා වැඩ ඉන්න හොඳයි



පදමාලාව - මහින්ද චන්ද්‍රසේකර
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්‌