Wednesday, July 12, 2023

Arabumama Kandulak Wela - Kasun Kalhara | Stroy behind the song | Lyrics | Meaning | Video

ඇරඹුමම කඳුලක්‌ වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා...//

දුක්‌බරව කවියක්‌ ලියා
එහි පද පෙළක්‌ අඩුවෙන් තියා...//
අරුත පසදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා...

ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නිසා...//
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා...

පද පෙළ - දිලීප අබේසේකර
සංගීතය - නාලක අංජන කුමාර
ගායනය - කසුන් කල්හාර ජයවර්ධන






Tuesday, July 11, 2023

Siri Yahane Lanu Ihiri - Edward Jayakodi : The Story Behind the Song, Lyrics, Meaning, Video

සිරි යහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ
මකුළු දැ‍ලෙන් සිරි සිරියේ වියන් බදින රෑ
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ..

සදෙන් ‍සදට මුවා වෙලා කල දවසත් ගෙවී ගිහින්
නෙතට නුහුරු කදුලු බිංදු පැදුරට මුහුවෙලා හොරෙන්
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ..

යහන තලා සැප විදිනා පලදී නැතුවා පෙර පින්
මාල වලලු නොතිත් අයට අප අමතක වෙලා ගිහින්
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ...

ගී පද : ලූෂන් බුලත් සිංහල
තනුව : එච්.එම්. ජයවර්ධන
ගායනය : එඩ්වඩ් ජයකොඩි







Sunday, July 9, 2023

Ruwal Iri Giya Nawkawe - Nanda Malini : The Story Behind the Song, Lyrics, Meaning, Video

රුවල් ඉරී ගිය නෞකාවේ - නියමුවාණනේ
නොගිලී දළ රළ පෙළ අතරේ - මා හා යා නොහැකිය ගොඩ බිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ

දෝතට එක්කල වැසි දිය පොවමින් - පවසට
ඉරුණු රුවල් රෙදි දවටා සදමින් - උණුසුම
මා රැක ගත් ඔබ රැක ගත යුතුවේ- අද දින
දියඹේ නවතිමි යනු මැන පෙරමග - තනිවම............

සුන්බුන් නැව් බද දියබත් වී යයි - හෙමිහිට
අත්හල මැන දැන් මෙතුවක් මට බැදි සෙනෙහස
දෑස පියාගෙන මා බිලි දී දිය - ගැඹරට
ගැලවී යනු මැන මේ විපතින් සිත - දැඩි කොට...........

ගී පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : මර්වින් පෙරේරා
ගායනය : විශාරද නන්දා මාලිනි







වර්තමාන පවුල් සංස්ථාවේ ආර්ථික අගාධයක වැටෙන පවුලක ගැහැණිය විවාහය අතැර යන ලෙසට කරන අයැදීමක් ද මේ........මේ විවාහ සංස්ථාව ආර්ථික අගාධයේ ගිලෙමින් පවතී. එය රුවල ඉරී ගිය නෞකාවකි. දළ රල අතරින් ඇදී යා නොහැක. විසදුම එය ගිලෙන්නට ඉඩ දී නෞකාව හැරයාමය. කෙදිනකවත් දෙදෙනාටම ගොඩ බිමක් බලා යා නොහැක.......

Friday, July 7, 2023

Diyawennata Pera Heta Udaye - Apsara De Silva | Story behind the Sinhala songs

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ

ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

ඇයි හොරැහින් මදෙස බලන්නේ
නැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙලන්නේ
දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ

ඉවාන් පවුලූෂා ඉවාන් පවුලූෂා

නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙලලා
ඒ සතුටට ගී ගයලා තව සොඳුරු සිහින නොතලා
බැලලයිකාව වගේ මා තුරුලු කරන් ඔය සුරතට
මෂූර්කා නැටුමට අද පමණක් එන්න පවුලූෂා
ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද
කඳුලැලි දහදිය ගැලුමට මහ කළු ගල් දිය වෙනවාද
එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද
සිත ගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද
ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

ගී පද : චාරුක සුරවීර
තනුව : ප්‍රියන්ත ඩිරෙක්ස්
ගායනය : අප්සරා ද සිල්වා






Sunday, July 2, 2023

Asata Asuwana Maime - Karunarathna Divulgane | Story behind the Sinhala songs

ඇසට අසුවන මායිමේ
බඹර සැණකෙළි මල් විලේ
ලසෝ ලැව් ගිනි ඇව්ලුනා සිත
ඔබ මගෙන් වෙන් වූ දිනේ

සියපතක් මත විසුල පිණි කැට
සැඩ සුළං වැද සර සරින් හෙත
මගෙන් රිදවුම් දෙවුණු මොහොතක
ඔබේ වත මට නැගෙයි සිහියට

සතර අත පෙති විහිද විකසිත
මලේ මල් මී මමණයුරු දැක
ඔබේ ලවනත සැදුන මීවිත
මත් කලා මතකයි මගේ සිත

ගී පද : මහින්ද දිසානායක
තනුව : ගුණදාස කපුගේ
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ