ඉගිලෙන්න
තහනම් නම් දුරක් ඇයි දුන්නෙ මට අත්තටු දෙකක් අපි ලිව්වෙ ලස්‌සන කවි දෙකක් මගෙ වෙන්නෙ ඇයි එක කවිපෙළක්... පෙම්වන්ත හිතටත් යට ඉඳන් පෙන්වන්න අවියක් ඔබ අරන් මට ගන්න හැකි ඉර හඳ උනත් ඔබ දන්නෙ නැහැ ඒ බව තවත්...// හැමදාම මල්පෙති ළංකළත් දැනුනේම නෑ සුවඳැති බවක් නෑ මා ඔබෙන් ලද අත්වැලක් සාධාරණයි අපි වෙන් කළත්.....// |
|
ගීතයකට වැඩියමක් blog brings you the Story behind the Sinhala songs which have written in 70-90 decades. Story of Sinhala Songs with Lyrics, meaning and music Video from a single blog.
Monday, September 17, 2012
Igilenna Thahanam Nam Durak
Thursday, September 13, 2012
Rantharu Payana Ahasa Balagena
රන්තරු පායන අහස බලාගෙන ඇයි ඔබ තව හිනැහෙන්නේ මගෙ හද දිනූ ආදරය සොරාගෙන වෙනෙකෙකු නොවැ අද ඉන්නේ මිහිර සොයා ගිය මගෙ ජීවය දැන් කඳුළැලි හා ලත වෙන්නේ සමාවෙයන් සොඳුරිය තවමත් මා අතමයි වරද තියෙන්නේ කුඩා රුවල බැඳ තනිව සයුර මැද ඈත අතීතය දෙස බැලුවේ... කොහේ සිටන් කොයි බට මා යාවිද මට නම් නෑ වැටහෙන්නේ... පලා දෙපලු කළ හදවත දැන් නම් කාට එකතු කළ හැක්‌කේ බලාගන්න සෙනෙහස තව ඔබටයි මා හද තුළ හැම වේලේ |
|
පෙම්වතුන් අතින් එකිනෙකාට එරෙහිව වැරදීම් ඕනෑ තරම් සිද්ධ
වෙනවා. මේ වැරදි සමහර විට දළුලා එන පෙම කැඩී බිඳී සුනුවිසුණු
වෙන්නත් බලපානවා. ආදරවන්තයින්ගෙන් පමණක් නොවේ විවාහකයන්
අතින්ද තම බිරියට හෝ සැමියාට එරෙහිව වැරදි කෙරෙනවා. වරදකරු
බොහෝ විට ඒ ගැන ලතවෙන අවස්‌ථා තිබෙනවා. ඒ තමන් අතින් ඇයට හෝ
ඔහුට සිදුවූ වරද ගැන සිතමින් |
Wednesday, September 12, 2012
Dura Atha Atheethaye - Chandrasena Hettiarachchi | Story | Story behind the song | Lyrics | Meaning | Video | MP4
දුර ඈත අතීතයෙ ඔබ හා ඇවිද ගොසින් ආසයි ආ මඟ ආයෙත් එන්නට අප පෙම බිඳුණු තැනින්... ඔබ සිත මා සිත දෙලොවක රැඳුනා නොසිතූ නොපැතූ ලෙසින් ගැටී එනමුදු තාමත් සිහින මැවෙනවා මතකය හදවත පතුලෙ රැඳී... බොළඳ සිහිනයකි මා සිත දකිනා සැබෑ ලොවක ඉටු නොවනු ඇතී ආසයි එනමුදු නැවත දකින්නට ඒ සිහිනේ... සැරිසරමු අපී... පද මාලාව - හේසල ගුණතිලක ගායනය - චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි |
|
දුර ඈත අතීතයට අපිට ආයෙත් යන්න ඇත්නම්... කවුරුත් ඒකට ආසාවෙයි. එතකොට අපිට පුළුවන් අපෙන් වූ වැරැදි, ජීවිතයේ ඇතිවූ ගැටුම් මඟහැර අලුතෙන් ආයෙත් ජීවිතය ගෙන එන්න. ඒත්... ඒත්... ඒක කවදාවත් සිදු නොවන දෙයක්. අපිට ආයෙත් ඇත්තටම අපේ ළමා කාලයට, අතීතයට යන්න බැහැ. පුළුවන් වෙන්නේ මතකය විතරක් ඈතට අරගෙන යන්න විතරයි. |
Api Ayeth Hamu Nowuna Nam
අපි ආයෙත් හමු නොවුනා නම් ඉස්‌සර දවසක මියගිය සෙනෙහස යළි ඉපදී මා හද හඬවන්නට අපි ආයෙත් හමු නොවුණා නම් ඔබ නොහඳුනනා විරහ වේදනා පෙරදා වින්දේ මා පමණයි හුඟ කලකින් හමුවී සෝ ළතැවුල් අදත් විඳින්නේ මා පමණයි සමුගන්නට නම් අහිමි ආදරෙන් මේ ලෙස ඇයි අප හමුවන්නේ ආදරයේ කඳුළින් මියයන්නට ජීවිත ඉරණම විසඳෙන්නේ |
|
Oba Pem Karana Obe Kumari
ඔබ
පෙම් කරනා ඔබේ කුමාරී ඔබට ආදරේ කියනා අයුරින් පෙර දවසක මා පෙම් කරනා සඳ මටද ආදරේ කියා තිබේ... සාගර වෙරළේ සොඳුරු සෑඳෑවක රඟහල කෙළවර අඳුරු නිමේෂක අද ඔබ ළඟ ඔබ සනසාලන ඈ පෙර දවසක මා තුරුළට වී හිඳ මටද ආදරේ කියා තිබේ... සක්‌මන් මළුවක දෙපා ගෙවෙද්දී දොඩමළු පෙම්බස් ගොළුවී යද්දී මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ සනහස සඟවා දෙනෙත නුරාවෙන් මටද ආදරේ කියා තිබේ... |
|
Subscribe to:
Posts (Atom)