|
ජයසිරි මහා හාමුදුරුවනේ දර මිටි ඇද්දා රෑ නිදි වැරුවා ගිනිමැළ ගහගෙන රැක සිටියා එහෙව් අපට අද එන්න තහංචි ද වැලි මළුවේ හිඳ සාදු කියනකොට අහිතක් නොහිතා ඉන්න හොඳයි ඉස්සර වාගෙම දාඩිය මුහුවුණු අපේ බාර පිළිගන්ඩ හොඳයි රන්වැට පාමුල සාදු කියනකොට ළෙන්ගතුකම් නොහිතන්ඩ හොඳයි බුදු හාමුදුරුවො දුටුවා වාගෙයි දුක ඉවසා වැඩ ඉන්න හොඳයි |
පදමාලාව - මහින්ද චන්ද්‍රසේකර සංගීතය - රෝහණ වීරසිංහ ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස් |
ගීතයකට වැඩියමක් blog brings you the Story behind the Sinhala songs which have written in 70-90 decades. Story of Sinhala Songs with Lyrics, meaning and music Video from a single blog.
Tuesday, April 17, 2012
Jayasiri Maha Hamuduruwane - Deepika Priyadharshani Peiris | Story | Lyrics | Meaning
Sulage Lelena
සුළගේ ලෙළෙනා මල සේ දඟ පා අප පාසල් ගිය කාළයේ යාළුවො අද නැත වෙන අය එහි ඇත කාලය මැවු වෙනසක අරුමේ ලොකු පන්තියෙ අය පොඩි පන්තියෙ අය හැම දෙන එක පන්තියෙ විලසේ අප පොත්වල දුටු රජවරු සිටුවරු වෙන්නයි කවුරුත් සිත් මැව්වේ සාමල අමරල පොත් තුල තව ඇත එන එන අය හා යාළු වෙතේ අපේම පාසල අපේම මව විය එදවස් අප හට නැත ආයේ |
|
Sunday, April 1, 2012
Nil Upulee Mal Kekulee
නිල් උපුලී මල් කැකුළී මාගේ සිතේ සැංගී නොයේ මිහිරාවියේ ආදරේ මා ජීවිතේ සංවේදනා පාවෙලා යාවී මල් මී වෑහේවී ආරාධනා ඉඟි පෑවාදෝ දෑසින් කියා පෙම් සුවේ මා ගේ ළයේ පෙම් කල්පනා නෑවිලා යාවී ඉන් මා සැනහ්වී ආයාචනා ඉඟි පෑවාදෝ පෑහෙන්න මේ මල් ලොවේ |
|
Unmada Sithuwam Mawe Bide
උන්මාද සිතුවම් මැවෙ බිඳේ මීදුම් වලා මැද අතීතයේ බිඳුණු පෙමින් ගිනිගත් හදවත් තනි වේවි එක් ටැම් ගේ අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ පාළු හුදෙකලා සුළඟ පමණි උරුමේ හඬා වැටෙන සිත සඳා සරණ මට තනි වේවි එක්ටැම් ගේ උන්මාද සිතුවම්... දහසක් මල් මැද එකම මලයි පැතුවේ එමල කිමද සරදම් කර සැඟව ගියේ දැනේ තවම මට මලේ සුවඳ පොද තනි වේවි එක්ටැම් ගේ උන්මාද සිතුවම්... |
|
Tuesday, March 20, 2012
Dawasak Pela Nethi hene
සියුම්
ස්වරයෙන් පටන්ගෙන විලාපයකින් අවසන් වන මේ ගීතයේ එසේ විලාප ගැසීමට හේතුවක්
තියෙනව.. හේතුව තමා දැන් හැමදේම තේරුනත් කරන්න දෙයක් නෑ . මොකද සියළුම
සිදුවීම් වෙලා ඉවරයි. සිහිවෙනවිට දැනෙන වේදනාව පමණයි ඉතිරිව තියෙන්නෙ.
"දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැටුනා"
පැලක් නැති හේනක් කියන්නෙ ඒ හේනට කිසිම ආරක්ෂාවක් නෑ. (ඇත්තටම රන්බංඩා සෙනෙවිරත්නගෙ මව මේ හේන්වල තියෙන ගස්වල ඉතිරිවෙලා තියෙන එළවලු කඩල කන්න දීල තියෙනවලු ) පියා නැති පුවලකටත් ඒ වගේ තමා. වැහි අනවශ්යය කාලෙට වැහි වැටෙනව වගේ කිසිම හේතුවක් නැතිව අම්මට එතකොට නින්දා අවමාන, අගහිගකම් එන්න පටන්ගත්ත.
"තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ"
එහෙත් මව ඒ සියලු දුක් කරදර තමා විද ගනිමින් තම දරුවාට ඒ බාධක දැනෙන්න දුන්නෙ නෑ.
"පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ"
මෙහි "හිටි පියවර හිටියා" යන්නෙන් අර්ථවත් කරන්නෙ ලමය හරිතැනකට ඇවිත් ජීවිතේ දිහා බලනකොට ලමය හිතනව මම මේ තැනට එනකල් අම්ම "දෙවන වර විවාහයක්" නොවී නොකර ජීවිතයේ එකම අරමුණ සේ මාව සලකල නේද කියල. ඔන්න එහෙම හිටපු පුතා ලොක්කෙක් වෙලා නගරයට එනව අම්ම එහේ දාල. පුතා උස් මහත් වෙලා අම්මා තනිකර නගරයට යාම ව්යංුගයෙන් හගවන්නෙ, මොකද නුවර ඉන්නකොටනේ ගැහැණියෙක් සෙනෙහසක් ගැන කියන්නෙ.
" නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ
"
කසාද බැදල අම්මටත් වඩා ගෑනිව ලොකු කරගෙන හිටිය.... හැබැයි ගෑනි කියන්නෙ කවුද කියල තේරුම් ගන්න , ගෑනිගෙ ආදරේ අම්මගෙ ආදරේට වඩා අඩුයි කියන්න ගොඩක් කාලයක් ගියා.... හරියට යෝධ ඇලේ බැම්ම වගේ... මොකද සැතපුමක් ගියාම තමා තේරෙන්නෙ අගලක බැස්මක් මේකෙ තියෙනව කියලා......යෝද ඇල වතුර ගලනව කියල පේන්නෙ නෑ. සැතපුමක් ගියාම තමා තේරෙන්නෙ ගලනව කියල. බිරිදත් එහෙමයි වෙනස් වෙනව තේරෙන්නෑ. කාලය ගෙවිල ගියාමයි තේරෙන්නෙ බිරදත් මවත් අතර වෙනස සහ ප්රිශ්ණ වලදි අගහිගකම් වලිද බිරිද තමාව තනිකරල වෙනතක ගිහින් තියෙන හැටි. කොහොම හරි දැන් බිරිද මෙහෙම වෙනස් උනාම තමන්ට අර පරණ සෙනෙහස මතක් උනා. අම්මව සිහි උනා. කසාදයක කරගන්නැතිව, තමා ලොකු වෙනකල් දුකක් නොදී බලාගත් අම්මලගට ... ඒ සෙනෙහස ආරක්ෂාව සොයාගෙන යන්න ඕන.. යන්න හිතෙනව...
මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ
ඒත් නගරයේ ඉදල එන මාව බලන්න අම්ම ඉදිකඩ ලග වෙනද වගේ ඉන්නෙ නෑනේ.. මොකද අම්ම මේ ලෝකෙ අතහැරල ගිහින්... ඒකයි ලොකු අදෝනාවකින් අවසන් කරන්නෙ... උපුටා ගැනීම: http://www.elakiri.com/forum/ |
දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැටුනා තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ |
Subscribe to:
Posts (Atom)