Saturday, July 23, 2011

Aetha Duraka Desa pawela

ඈත දුරක දෑස පාවෙලා...
ගොළුවීලා... ඔහේ තනිවෙමු...
පළු ලොවක ඈත දුරක දෑස පාවෙලා...

පාසල් යාමේ බැඳිලා...
මානෙතු දෑලේ වෙලීලා පෑ මදහාසේ
ජීවිත කාලේ... මා සිත යාවි සඳා

ඈත දුරක...

මේ සිහිනේදී උදා වී
මා කවදා හෝළගාවී මේ භවයේදී
මේ දිවියේදී යා වෙමි දෑතේ
ඔබේ ඈත දුරක

Friday, July 22, 2011

Sihiwatanaya se kumak liyannada - Abeywardana Balasooriya | Story | Lyrics | Meaning

සිහිවටනය සේ කුමක් ලියන්නද
ඔබේ සුවඳ රැදි සමරු පොතේ
සිතුවිලි සහසින් සිතක උපන්නත්
කුමක් ලියන්නඩ සමරු පොතේ....
දේදුනු පාටැති පිටුවෙන් පිටුවට
ආසිරි රේඛා සුහද පැතුම්...
ඔබේ නුවන් මට කීදේ රහසින්
ලියන්න ආසයි මියුරු සිතින්....

සිහිවටනය සේ....

ඈත දිහාවක ආදර වෙරළේ
අපි හමු වූයෙමු අරැණ උදේ...
එවන් අපේ පොඩි කතන්දරේ මම
ලියා තියන්නද සොදුරු ළඳේ...

සිහිවටනය සේ....





Athegili bedune ai me wilasata

අතැඟිලි බැදුනේ ඇයි මේ විලසින්
ඔබ හමුවෙන්න කලින්
සෙනෙහස ඔබගෙ කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමං...

ඔබ ළඟ ඉන්නට ඔබ ලැබ ගන්නට
මා හට නොමැත වරම්...
මිහිපිට මා හට නැහැ වෙන සතුටක්
ඔබේ රුව දකින තරම්...
සෙනෙහස ඔබගෙ කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමං...

සිත සිත ඔබ ගැන දින දින ල්තැවෙන
වෙන මා කරමි කුමක්...
හමුවුණෙ ඇයි අපි ඇසුරු කරන්නට
එය මා සිතට දුකක්...
සෙනෙහස ඔබගෙ කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමං...

සිතු පැතු සැමගේ නැහැ ඉටුවන්නේ
ලොව අප පතන ලෙසින්
මතු එක් වෙන තුරු යළි වෙන්වෙමු අපි
ඔබහට ආයුබොවන්
සෙනෙහස ඔබගෙ කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමං...

Thursday, July 21, 2011

Desa wasa sitiya....

දෑස වසා සිටියා ඔබේ රුව
ඇයිදෝ මට පෙනුණේ....
සවන වසා සිටියා ඔබේ හඬ
ඇයිදෝ මට ඇසුණේ...

දිවියට සැනසුම සෙනෙහස ගෙන දුන්
ඔබ වෙනුවෙන් මා ගී ගැයුවේ...
යුගයෙන් යුගයට භවයෙන් භවයට
ඔබ වෙනුවෙන් ජීවත් වූයේ...

දෑස වසා සිටියා...

බැඳි සෙනෙහස අමතක වීලා...
නිබඳව ඔබ මට පිටු පෑවේ...
හදවත රැඳි ආදරය නිසාමයි...
කිසිදින මා තරහ නොවූයේ...

දෑස වසා සිටියා...

Issara Bedhi Pema..

ඉස්සර බැඳි පෙම
සිත්වල සුවඳයි
යලි පුබුදන්න බැරි...
එක්කර අතැඟිලි
ඔබ ඔහු සමගයි
මට ඉවසන්න බැරි...

මගේ අසරණ ලොව අද මා පමණයි
එය සගවන්න බැරි...
ඔබ පතනා ලොව ඔබ ලබනා දින
මගේ සිත සතුට දකී...

ඉස්සර බැඳි පෙම...

ඔබ පියමන් කළ සමනල මාවත
මට යා ගන්න බැරි...
එක්කල දෑගිලි වෙන් නොම වේවා
පතනෙමි සුබාසිරි...