Monday, September 12, 2011

Sellam ge Palu wela - Chandrasena Hettiarachchi | Story | Lyrics | Meaning

සෙල්ලම් ගේ පාලු වෙලා බෝනික්කා තරහ වෙලා
කෝම් පිට්ටු මලිගාව කැඩිලා ගිහිල්ලා
ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ...//

චන්ඩි කමට රංඩු කරලා අම්මා එක්ක තරහ වෙලා
තාත්තගේ ඔඩොක්කුවේ හුරතලේට වාඩිවෙලා...//
හබුං කටයි බත් දෙකටයි කිව්ව පුතා නෑ
පුංචි පුතා සීයලාගේ ගෙදර ගිහිල්ලා...//

බිංකුණ්ඩෝ බිම නටවල වැලි සෙල්ලම් බතක් උයපු
හඳ මාමා රන් තැටියට කිරියි පැණියි ගෙනත් කවපු...//
අතුරු මිතුරු දඹදිවතුරු රාජකපුරු නෑ
පුංචි පුතා සීයලාගේ ගෙදර ගිහිල්ලා...//

පද මාලාව හා සංගීතය - විශාරද උපුල් පෙරේරා
ගායනය - චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි


Ma ahase Liyu de

මා අහසේ ලියූ දේ
පෙනුණේ නුඹට විතරමයි
මා සුළඟට කියූ දේ ඇහුවේ
කවුද නුඹ තමයි...
එහෙව් නුඹට නොදැනුණේ...
නුඹට දුන්න හිත තමයි...
මගේ කියා මට තිබුණෙත්
ඒ එක හිත විතරමයි...
විතරමයි... විතරමයි...
ඒ එක හිත විතරමයි...

ප්‍රාර්ථනා මහ කන්දේ
කළුවර පාමුල උන්නේ මං
නුඹේ නුරා තරු එළියේ
කඳු මුදුනට ගෙන
නොගියා නම්...
අදත් මා හිඳීවී තවත් නුඹ පතාවී
නුඹ ගැනම හිත හිතා ඉන්නට...
හිතවත් මට තියේවී... මා අහසේ...
විතරමයි... විතරමයි...
ඒ එක හිත විතරමයි...

Wednesday, August 24, 2011

Saturday, August 20, 2011

Laa sanndha eliyea

ළා සඳ එලියේ...
නා පෙති හැලිලා...
නාමල් සුවඳයි විහිදෙන්නේ...
මා දිවි රැය සුවඳින් මල් පුබුදා...
සඳ දිය ඉල්ලයි හිමි සඳුනේ...
මවත් ඔබයි මගේ පියත් ඔබයි මගේ
පිළිසරණත් ඔබමය වන්නේ...
අද සිට මගෙ ඉටු දෙවියන් ඔබවේ...
ඔබගෙනි සැප දුක විමසන්නේ...
ළා සඳ එලියේ...
නා පෙති සිඹලා තරු එළි නිවලා
සඳවත සැතපෙයි මල් යහනේ...//
ඔබේ දෙපා මත හිස රඳවන්නම් 
පළමු වතාවට හිමි සඳුනේ...//


Obe Sina Laga Netha newthuna da

ඔබේ සිනා ළග
නෙත නැවතුන දා
ඔබේ කත ළඟ
සිත නැවතුන දා
ප්‍රේමය හැදින්නෙමි...//
මේ ලෝ තලයේ...

කුමටද උපමා ඉතිහාසේ උන්
ප්‍රේමවන්තයන්ගේ...
කුමටද ආදරයේ පෙම් සැමරුම්
පෙම් පාරාදීසෙන්...
ඉමක් කොනක් නැති ආකාසේ
තරු පායා එන සේමා...
ඉමක් නිමක් නැත
පෙම් හදවත් තුළ
පෙම් සිතුවිලි බෝමා...