තහනම්
ආදරයේ අවසන් බැල්ම දිහා// මා බැලුවේ කම්පා වී කුමක් කරම්ද කියා උපදින සංසාරේ ඔබ මගෙ කීව නිසා තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා ගැඹුරු ඔබේ දැස පුරා ජීවිතේ පෙනේ දැත මගේ දැතෙ ඔබා නොකී දුක් දැනේ// මල්වරව දෙතොල් අනුරතිය යදී මදෙස බලා හිඳිනු කෙසේ දෝ උමතු නොවී පොකුරු ගැසූ පෙම් සිතකින් අයිතියක් නැතී විස්‌මිත වූ නීල නුවන් අහස මෙන් දිලී// මා වියරු වෙවී හිරි ඔතප් රකී ඔබ ද මගේ මම ද ඔබේ නෑ එසේ නොවේ |
|
අපි ජීවත්වන මේ ලෝකයේ හැම දෙයක්‌ම සම්මත විදිහට සිද්ධ
වෙනවානම්... ඒත්... එහෙම වෙන්නේ නැහැ. සම්මතයට පිටුපා යන දේ
කොතරම් නම් අප වසන සමාජය තුළ සිදුවේද... එවැනි අසම්මත දැ
කොතෙක් ඔබට හා මට අත්දකින්නට සිදුව ඇත්ද |
ගීතයකට වැඩියමක් blog brings you the Story behind the Sinhala songs which have written in 70-90 decades. Story of Sinhala Songs with Lyrics, meaning and music Video from a single blog.
Tuesday, February 26, 2013
Thahanam adaraye Awasan Belma Diha
Wednesday, October 10, 2012
Kawuruwath ne - Amarasiri Peiris | Story | Lyrics | Meaning
කවුරුවත් නෑ... කවුරුවත් නෑ එගොඩට යන්නට-එගොඩට යන්නට ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ අඳුර ගලනවා පාරුව ඇතුළට ලන්තෑරුම කෝ..., ඔහෙ තිබුණා වේ කවුරුත් නෑ අද එගොඩට යන්නට දවසින් දවසට පාළම හැදුනා පාළම් මෝලේ හෙණ හඬ ඇසුණා කිරල කැලෑවේ කුරුළු කොබෙයියන් ගම හැරදා යන්න ගිහින්... දෑතේ අතැඟිලි හබලට ගෙවුනා ගෙනියන්නට බැරි බර පොදි තිබුණා මෙතුවක් නොමගිය බර අද දවසේ මට හිනැහීගෙන යනවා වාගෙයි ගේය පද: හේමසිරි ගුණතුංග ගායනය: අමරසිරි පීරිස් තනුව: ප්‍රේමසිරි කේමදාස |
|
සිදාදියත් ගමත් අතර ඉස්‌සර නම් ලොකුම ලොකු වෙනසක් තිබුණා. ඒත් දැන් ගම නැහැ... සිදාදිය ගම ආක්‍රමණය කරලා... |
Senehasa Illa Liyathabara Laga
සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ හඬා වැටෙනවා මියෑසි කැළක් කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා මලට වඩා විෂ බඹර තුඩක් වැහි කළුවර ඇති සැන්දෑ සමයක තරුමල් පිපුණලු අහස් ගැබේ දේවදූතයොත් හඬා වැටෙනවා පෙම්මල් ඉහිරුණු පාර දිගේ යෞවනයේ සිත් විෂ කළ ප්‍රේමය කළියුගයේ ඇත පහළවෙලා අසම්මතේ සිත් වැටහෙනු නොහැකිව පවිත්‍ර ප්‍රේමය මහලු වෙලා |
|
මේ ලෝකේ ජීවත් වෙන අපි හැමදෙනාම එක වගේ නෙවෙයි. රුව, ගුණ, ගති, හැසිරීම්, කතා බහ... මේ හැමදෙයක්‌ම විවිධයි. විෂමයි. ආදරයත් ඒ වගේ..... විෂමාකාරයි සමහරුන්ගේ ආදරේ හරිම පවිත්‍රයි...... අවංකයි. අවංකව ආදරය නොකරන අයත් ඉන්නවා. ඒත් ඒක පිවිතුරු ආදරයක් නොවේ. ආදරය... හරිම පුදුමාකාර වචනයක්... මේ ආදරයේ අපි නොදකින පැත්තකුත් තියෙනවා. ඉතිං...... අපි අද තෝරා ගත්තේ ආදරයේ අප නොදුටු පැත්තක් ගැන ලියෑවුණු ගීතයක් කියවන්නයි. |
Thursday, September 27, 2012
Mage Atheetha Diviye
මාගේ අතීත දිවියේ සැමරුම් මැකී මැකී කුමරී ඔබේ සිනාවේ කොහේදෝ මුළාවී මාගේ කුමාර කාලේ සෙනෙහේ අතීතයේ පෑයූ සුපුන් සඳක් වාගේ අප්සරාවියේ ඇයිදෝ වෙනස් වුනේ මහදේ වේදනා මවා අපගේ පැතුම් විමානේ වෙන්වීලා එක්‌වුණේ භවයෙන් භවේ පැතූ අපගේ ආදරේ නිසා කාලය ළඟා වුණේ ආයේ වේදනා නිවා |
|
ආදරය කරන අයට වගේම ආදරයෙන් පැරදුණු අයටත් ඒ ආදරයේ අතීත සිහිවටන බොහෝ සේ වටිනවා. සමහරු ප්‍රේමනීය සැමරුම් ආවර්ජනය කරමින් සතුටු වෙනවා. ඒ පෙම්වතුන්.. ඒත් සමහරු ගෙවී ගිය අතීතය මෙනෙහි කරමින් හදවතින් හඬා වැටෙනවා...... ඒ විරහවේ වේදනා විඳිමිනි. |
Subscribe to:
Posts (Atom)