ආපසු යන්නට පාර කියනවද දැන් සමුගන්න ළඟයි ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි... යොදුන් ගණන් දුර ආවෙද පසුකර මල් මාවතක නොවේ ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ කල්ප කාලයක් පෙරුම් පිරූවේ හෙට සමුගන්න නොවේ ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ පද මාලාව - හේසල ගුණතිලක ගී තනු - ස්‌ටැන්ලි එම්. ප්‍රනාන්දු ගායනය - චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි |
|
ආදරේ
වැඩි වෙන්න වැඩිවෙන්න පෙම්වතුනට එකිනෙකා ගැන සැක සිතෙනවා. ඒ
සැකයන්ගේ කිසිම ඇත්තක් නෑ. ඒ බව ඔවුනොවුන් දන්නවා. ඒත්
දෙදෙනාටම දෙදෙනා කෙරෙහි ඇති බැඳීම, ආදරය වැඩි වෙන්නත් මෙය
බලපානවා... සමහර වෙලාවටම ආදරය වේදනාවෙන් නිම වෙන්නෙත් මේ සැකය
නිසායි.
තමන් ආදරය කරන පෙම්වතියගේ හැසිරීම් රටාව.. ඇගේ දෙමව්පියන්ගේ
ප්‍රතිචාර නිසා ඈ තමා හැර යන්නට සූදානම් බව පෙම්වතාට හිතෙනවාර
අනන්තයි අප්‍රමාණයි. ඒත් ඒක සැකයක් විතරයි.
|
ගීතයකට වැඩියමක් blog brings you the Story behind the Sinhala songs which have written in 70-90 decades. Story of Sinhala Songs with Lyrics, meaning and music Video from a single blog.
Tuesday, April 2, 2013
Apasu Yannata Para Kiyanawada - Chandrasena Hettiarachchi | Story | Story behind the song | Lyrics | Meaning | Video | MP4
Nokee Rahasak Mathakaye Hida Thewenawa - Edward Jayakodi | Story | Story behind the song | Lyrics | Meaning | Video | MP4
නොකී රහසක් මතකයේ හිඳ තැවෙනවා ඔබෙ සුවඳ මට දැනෙනවා. දැනෙනවා රැයේ ඝනඳුර නැගෙන තනියට සඳක් සේ ඔබ පිපෙනවා... පිපෙනවා... මං ආදරෙයි... මං ආදරෙයි... උමතුවෙන්... ඔබේ සිත මා සොයනවා... සොයනවා පැතුම් වෙරළට සිතුම් රළ පෙළ ඇදෙනවා නෙතග කැළඹිලි නැගෙනවා... නැගෙනවා... නිදන නින්ද ද මුදා හරිමින් අවදි කොට මා තබනවා... තබනවා... මං ආදරෙයි... මං ආදරෙයි... උමතුවෙන්... ඔබේ සිත මා සොයනවා... සොයනවා... දුරින් දුර ඇති තාරකා මල් දිලෙනවා නෙතග ඒ මල් ලෙලෙනවා පෙනෙනවා දකිනු රිසි ඔබෙ තාරකා ඇස් මසිත මිහිරක් මවනවා... මවනවා... මං ආදරෙයි... මං ආදරෙයි... උමතුවෙන්... ඔබේ සිත මා සොයනවා... සොයනවා ගී පද - විපුල් ධර්මප්‍රිය ජයසේකර ගායනය/සංගීතය - විශාරද එඩ්වඩ් ජයකොඩි |
|
Thursday, March 21, 2013
Me Nagaraya... - Mervin Perera | Story | Story behind the song | Lyrics | Meaning | Video | MP4
මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා නුග ගස් පෙළ අප නැතුවත් තව දලුලනවා සරසවි බිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙනවා ඔබත් එක්‌ක ආයෙත් එහි යන්න හිතෙනවා. ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා ජීවිතයම සිහිනයකැයි කියා හිතෙනවා |
|
සරසවියේ ගෙවෙන ජීවිතය... කටුකයි තමයි... ඒත් ඒ කටුකත්වයට එහා ගිය සුන්දර බව... ජීවිතයට ගෙන දෙන්නේ චමත්කාර සිතුම් පැතුම් සරසවි අතරින් ඉතාම සොඳුරු පරිසර බිමක පිහිටි සරසවිය තියෙන්නේ කොහේද? ආයෙත් වචන දෙකක් නැහැ... හන්තාන කඳු පංතියේ සෙවනැල්ල වැටෙන පේරාදෙණිය... කාගෙත් පිළිතුර එයම තමයි... |
Damayannata Noheki Mihimatha
දමායන්නට නොහැකි මිහි මත එකම සම්පත ඔබම පමණයි මිදී යන්නට නොහැකි මේ ලොව එකම බැඳුමද ඔබම පමණයි... බැඳී දුක සැප දෙකෙහි නිතියෙන් හදේ තනි නොතනියට වැඩ හුන් ළබැඳි සිත්මල් පරව යන විට පසක්‌වෙයි අනියත ලොවේ ජීවිතය යනු සිහිනයක්‌මය සසර මග දකිනා... බැඳුණු සෙනෙහස නොවන නිම් හිම් ඇතද පණ නල සමග රැකෙමින් අපේ අත්වැල ලිහී ගිලිහෙන මොහොත එයි කවදාක හෝ යායුතුය ඒ නියත නික්‌මන සියලු බැමි බිඳිනා |
|
මිනිසුන් වන අපට කොතරම් බැඳීම් තියෙනවද.... දේපළ වස්‌තුව මිල මුදල් දරුවන් බිරිඳ... සැමියා මේ හැම දෙයක්‌ම බැඳීම්. මේවාට ලොබ බැඳෙන හිත......... අවසන් හුස්‌ම පොද හෙළන්නේ තන්හාවෙන්... දමායන්නට නොහැකි මිහි මත එකම සම්පත ඔබම පමණයි මිදී යන්නට නොහැකි මේ ලොව එකම බැඳුමද ඔබම පමණයි |
Tuesday, March 12, 2013
Lowama Epa Wee - Nanda Malani
ලොවම එපා වී ලොවම කලකිරී තැවී දැවී හිඳිනා වේලේ... ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ... අසා අසෝබන නින්දා ගැරහුම් වැළහින්නක සේ වැලපෙන මොහොතේ පවනේ පාවෙන ඔබේ සුවඳකින් පිපාසිත වූ හද සිහිලැල් වේ ලබා නොමිනිසුන් නගනා ගෙරවුම් මුවැත්තියක සේ බියපත් මොහොතේ සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින් මුළුගැන්වුණු සිත උණුසුම් වේ.... ගී පද : මහාචාර්ය සුනිල් ආරියරත්න තනුව : මර්වින් පෙරේරා ගායනය : විශාරද නන්දා මාලිනි |
|
Subscribe to:
Posts (Atom)