පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනු විසුනුව වැටුනේ... කාටද රිදුනේ... කවුරුද හැඬුවේ... දුම්රිය මොහොතක් නතර වුනේ.... මලක් වගේ රොන් සුවඳ වගේ ජීවිතයේ සුව අපමන වේ..// දොලක් වගේ දිය දෝත වගේ ජීවිතයේ අම සිසිල දැනේ... පෙරුම් පුරාගෙන..... වරක් නෙතඟ කඳුලැල් පිරූනාදෝ සිතට දරාගනු බැරි දුක් වීදෝ..// දිවිය මොනතරම් සුන්දරදෝ දුකම කොයිතරම් සතුටක්දෝ ගී පද: මහකණුමුල්ලේ වජිර හිමි තනුව: සේනානායක වේරලියද්ද ගායනය: සේනානායක වේරලියද්ද |
|
එක හාමුදුරු නමක් ලංකාවේ එක දුම්රියක ගමනක් යමින් උන්නා.. තම ගමන් කෙසේ වුවද තම පෑන අතට ගෙන යමක් ලියන්නට පුරුදුව සිටි හිමි නම ගීත ලියමින් උන්නා. මෙහෙම යන දුම්රිය එකවරම නතර වෙනවා.. |
ගීතයකට වැඩියමක් blog brings you the Story behind the Sinhala songs which have written in 70-90 decades. Story of Sinhala Songs with Lyrics, meaning and music Video from a single blog.
Tuesday, August 4, 2015
Perum Puragena A Sansare - Senanayake Weraliyadda | Story behind the Sinhala songs
Wednesday, May 6, 2015
Anna Balan Bera Hadin Udam Wee - Edward Jayakodi | Story behind the Sinhala songs
අන්න බලන් බෙර හඬින් උදම් වී දෑත දෙපා සෙලැවෙන අන්දම් අන්න බලන් උඩු ගුවන් තලේ හිඳ මාලක්‌කම කැරකෙන අන්දම් අනන්ත වූ බර හිසින් දරාගෙන වෙස් තට්‌ටුව පැළඳුව සිරසේ කුසෙන් නැගෙන ගිනි දැලෙන් වෙලී ගොස් රනේ රුවට නළලත දිළිසේ අවුල්හැරෙන් ඉණ හැඩෙන් වැසුණු කය රැඳෙන්නෙ නෑ කෙනෙකුගෙ දෑසේ දවුල් හඬෙන් තාලමෙන් වැසී ගිය කනට වෙනින් කිසිවක් නෑසේ ගී පද: බණ්‌ඩාර ඇහැළියගොඩ තනුව: රෝහණ වීරසිංහ ගායනය: එඩ්වඩ් ජයකොඩි |
|
කෙනෙක් අසරණ වුණාම... විඳින හිත් වේදනාව දරාගන්න බැහැ. ජීවිත ගමනේදී අසරණ වන බොහෝ දෙනෙකුට තනිවෙන්නත් සිද්ධවෙනවා. තනිවෙන්නෙ නැහැ. සමාජය විසින් ඔවුන්ව තනි කරනවා. එවිට ඉපිද එන දුක හදවත පැලෙන තරමේ දුකක්. මේ වගේ අසරණ වුණු කීදෙනෙක් විඳින වේදනාව සඟවාගෙන සමාජයට මුහුණ දෙනවාද. හදවතින් විඳින වේදනාව සඟවාගෙන අනෙකා සතුටු කරන කීදෙනෙක් මේ සමාජයේ වෙසෙනවාද.... |
Re Ahase Tharuketa Paya Diluna - Athma Liyanage | Story behind the Sinhala songs
රෑ අහසේ තරු කැට පායා දිලුනා... මා තනි වී සිතිවිලි සයුරේ වෙලුනා... ඔබේ සුමුදු අත මා අත් පටලා තරු දහසක් පායා ඇති දිනයක පියමං කෙරුවා පෙර අප දෙදෙනා තරු කැට අතරේ රැඳී දිලෙනවා සිතට දැනෙනවා... තරු එළියක් වී දෙනෙතට වැටිලා සඳ කිරණින් ඔබෙ මුහුණ සේදිලා ආදරයෙන් අප පියමං කෙරු හැටි තරුකැට මා මතකයට ගෙනෙනවා සිතට දැනෙනවා... පදමාලාව - ප්‍රේමලාල් උඩුමුල්ල සංගීතය - ආත්මා ලියනගේ ගායනය - ආත්මා ලියනගේ |
|
තරු පායා ඇති රැයක නිසොල්මනේ...... මොහොතක් අහස් කුස දෙස බලා සිටින්න. හරියට පුංචි පුංචි මල්වලින් හැඩ දැමූ කලු පැහැති පළසක් වගේ...... එහෙමත් නැතිනම් මල්වත්තක් වගේ..... අහස අන්ධකාරයි. ඒත් තරුවලට බියෙන් අන්ධකාරය සැඟවිලා. කෙතරම් සුන්දරද....... තරු පිරි අහස දෙස බලාසිටිද්දී හිතේ ඉපදෙන හැඟුම්....... සමහර වෙලාවට ප්‍රේමණීයයි. තවත් වෙලාවකට කලාත්මකයි. |
Sitha Oba Pamula Radawa - Deepika Priyadarshani Peiris | Story | Story behind the song | Lyrics | Meaning | Video | MP4
සිත ඔබ පා මුල රඳවා බිඳි සෙනෙහස ගිනි උහුලා අහිමි විජිතයෙන් සමුගෙන යන්නම් ඔබට සෝ තැවුල් නොම වේවා. අසුරු සැනක් වූ රුසිරු අතීතය සිහිනෙන් ගෑ මුදු සුවඳක් සේ සදා රැඳේවා... ඔබේ ලොවේ... ඔබට පිදුම් වූ සිතක විරාගය කැටපත් පවුරක ගීයක් සේ සදා රැඳේවා... ඔබේ හදේ... පදමාලාව - කුලරත්න ආරියවංශ සංගීතය - රෝහණ වීරසිංහ ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස් |
|
ආදරයෙන් බැඳී සිටි දෙදෙනෙක් වෙන් වුණොත් ..... සිතට දැනෙන වේදනාව කියා නිම කරන්න බැහැ. මේ බිඳී සුනු විසුණු වන්නේ ප්‍රථම ප්‍රේමය නම්..... වේදනාව තවත් වැඩියි. බිඳුණු පෙමක වේදනාවේ අන්තය බොහෝ විට වෛරයයි. ආදරයයි වෛරයයි අතරේ වෙනස හරියට කෙස් ගසක් වගේ කියලයි කවියෝ කියන්නේ. මේ වෛරය හරිම දරුණුයි. පෙම්වතා පෙම්වතියගෙන් වෙන්වුණොත් පෙම්වතිය පෙම්වතාට වෛර කරනවා. පෙම්වතිය පෙම්වතාගෙන් වෙන්වුණොත් පෙම්වතා පෙම්වතියට වෛර කරනවා. |
Sunday, April 26, 2015
ඔබට සිත ආදරේ කරයි - Dayarathna Perera | Story | Story behind the song | Lyrics | Meaning | Video | MP4
ඔබට සිත ආදරේ කරයි - දෙතොල ගොළුවී සිටියි
නැගුනු සෙනෙහේ කියනු බැරිවී
මගේ සිත වේදනා විඳියි...//
ලවන් හසකැන් නුවන් කැල්මන් - හොඳින් හඳුනන්නෙ ආදරේ
නුවන් රැහැනින් බැඳෙන්නට පින් - නොමැතිදෝ මා කෙරේ
මගේ විජිතේ සිනා නොමැකේ - විඩාපත් වේද ජීවිතේ
ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ - නවාතැන් වේද මාවතේ
ඔබේ පෙම් ලොල් හදේ නොකැලැල් - ලැගුම් සොයමින් නුවන් අයා
යොවුන් බිඟුදැල් හෙලූ හසරැල් - මසිත සුසුමන් දවා ගියා
මගේ විජිතේ සිනා නොමැකේ - විඩාපත් වේද ජීවිතේ
ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ - නවාතැන් වේද මාවතේ
Subscribe to:
Posts (Atom)