| වෙසක් ලබනවා තොරන් බඳිනවා තැන තැන දන්සැල් ඉදිවෙනවා වෙස්‌සන්තර රජු සිරිසඟ බෝ රජු ආයෙත් සිරිලක රජවෙනවා... වෙසක් ගෙවෙනවා තොරන් ලිහෙනවා දන්සැල් කාලය නිමැවෙනවා වෙස්‌සන්තර රජු සිරිසඟ බෝ රජු ආයෙත් රජකම හැර යනවා... වෙසක් කාලෙටයි කාගෙත් පිංකම් කාට පේන්නද අනෙ මන්දා නම්බු රැකීමයි නිවන් දැකීමයි එකමඟ යන්නේ කොහොමද මන්දා... |
|
| වෙසක්
කියන්නේ සීමාවක් නැතිව පින්දහම් කරන කාලයක්.. සම්බුදු
හිමියන්ගේ තෙමඟුල සිහි කරමින් ප්‍රතිපත්ති පූජාවලත්, ආමිස
පූජාවලත් නියෑලෙන්නේ සැදැහැ සිතින්. වෙසක් උත්සවයට අපේ සැදැහැවතුන් සූදානම් වන්නේ දින ගණනාවක ඉඳලා... වෙසක් ලබනවා තොරන් බඳිනවා තැන තැන දන්සැල් ඉදිවෙනවා වෙස්‌සන්තර රජු සිරිසඟ බෝ රජු ආයෙත් සිරිලක රජවෙනවා... | |
ගීතයකට වැඩියමක් blog brings you the Story behind the Sinhala songs which have written in 70-90 decades. Story of Sinhala Songs with Lyrics, meaning and music Video from a single blog.
Tuesday, March 12, 2013
Wesak Labanawa - Edward Jayakodi | Story | Lyrics | Meaning | MP4
Me Prathama Wasanthayai
| මේ ප්‍රථම වසන්තයයි දිවි අරණේ මධු මල් පිපෙනා බිඟුරැව් නැඟෙනා මේ ප්‍රථම වසන්තයයි තරු නැඟෙන තුරා නිදිබර අඹරේ සඳු නැඟෙනතුරා සිටියදි අඳුරේ ඔබ සුපුන් සඳක් සේ පායා පහන් රැයක් වී ආවේ සිත පවස දරා මිරිඟුව අතරේ දිය පහස පතා සිටියදී කතරේ ඔබ සිහිල් දොළක් සේ පාවී වසන්තයක් වී ආවේ |
|
ගිම්හානය පලා ගිහිං..... ගහකොළ අතුරිකිලිs මලින් බර වෙලා... ඒ
මල් සුවඳ මුසුව හමා එන සිහිල් සුළං රැල්ල.... නැවුම්
හැඟුම්වලින් ගත සිත පුබුදුවනවා.. වසත්කාලය ඇවිදින්... කොයිතරම්
සුන්දරද.......
තනිකම..... හුදෙකලාව සමඟ කාලාන්තරයක් ජීවත් වූ තරුණයකුගේ හදවතට මල් හීසර පහර වැදුණොත්.... වසන්ත කාලය වගේ හිතපුරා මල් පිපෙනවා. උපදින නැවුම් සිතිවිලි.. කෙළවරක් නැහැ... අපේක්‍ෂාවන් ප්‍රාර්ථනාවන් වැහි වහිනවා........ | |
Wednesday, February 27, 2013
Kandula Ithin Samaweyan - Keerthi Pasquel | Story | Story behind the song | Lyrics | Meaning | Video | MP4
| කඳුළ ඉතින් සමාවෙයන් අපි වෙන්වෙමු අද හවසට මගෙ ගෙපැලට ඈ එනවා සිරියහනේ තනි රකින්න කළුවළාව නැගෙන්නෙපා ගඟට උඩින් හැන්දැවට මුදුන් ලීය යටින් පොළොවේ ගොම හේදෙයි අලුත් පිටම කන්ද කපා සඳ පායා සඳරැස් යහනට වඩින්න සඳ එළියෙන් ඇගේ ගතේ පෙති ගෝමර මල් දකින්න මල් දෙවැටේ වතුසුදු මල් පිපේවි ඈ පිළිගන්නට කොපුල් තලා ඔමරි සිනා මතුවෙයි මල් පරදන්නට බිළිඳු ගෙනා කිරි සුවඳක් ගෙපැල දොරින් හමා එන්න ඉඩදීයන් වළාකුළේ මගෙ සිහිනයෙ මල් පිපෙන්න ගී පද - ලක්‌මාලි කාරියවසම් සංගීතය - සුරේෂ් ද සිල්වා ගායනය - කීර්ති පැස්‌කුවෙල් |
|
| හිරිමල් යෞවනය කියන්නේ හිතපුරා පෙම්මල් පූදින කාලය පැණි වැහෙන
කාලය කියලත් කියනවා. මේ වයසට නැඟෙන සිතුවිලි හරිම පෙම්බරයි.
දැරියක් ඉල්ලන කාලෙනෙ.... ඉලන්දාරි වයස කියලනෙ කියන්නේ තනි
යහනෙ සිටිද්දී හිතෙන දේ..... හැඟීම්.... අපමණයි.... තනිකම
සහකාරියකගේ වුවමනාව වැඩියෙන්ම දැනෙනවා. තමන් ගැනම දුකකුත්
ඇතිවෙන අවස්‌ථා තියෙනවා. තනිකම වැඩියෙන්ම දැනුනාම ඇසට කඳුළකුත්
එනවා. | |
Gin Gedi Gin Gedi Gahen Kadagena
| ගිං ගෙඩි ගිං ගෙඩි ගහෙන් කඩාගෙන ගිංතොට නැන්දට ටිකක් බෙදාගෙන නංගියෙ විගහට මංකඩ ගාවට යං අයියණ්‌ඩි ඇවිත් ඇති බං... තාක්‌ක තෙයි තෙයි තාක්‌ක තෙයි තෙයි තේක්‌ක මල් පිපිලා ආං බලන් අර අයියගෙ මූණේ වතුසුදු මල් පිපිලා හාං කවිසියක් දන්නෙම නැතුවා හිත ආලෙන් පිරිලා මාත් දන්නෙ නෑ කියන්නෙ කෝමද හිත ගැන කට ඇරලා... තාක්‌ක තෙයි තෙයි තාක්‌ක තෙයි තෙයි තේක්‌ක මල් පිපිලා අයියණ්‌ඩිගෙ කිරි කෝඩු හිනාවට තේක්‌ක මල් ඉහිලා මාත් එක්‌ක මනමාල හිනා පා සීත සුළං නැටුවා මගෙ මල් හීනය මල් ඕවිල්ලක නැළවෙනු මට දැණුනා... |
|
| ගම සහ නගරය, ඒ මිනිසුන්ගේ සිතුම් පැතුම් එකිනෙකට වෙනස්. මේ
වෙනස පෙම්වතුන්, පෙම්වතියන් අතර කෙරෙන ආදරය තුළින් ද දැකගන්න
පුළුවන්. ගමේ තරුණියක් ආදරය කරන හැටි, අගනුවර තරුණියකගේ ආදරයට වඩා වෙනස්. සාමාන්‍යයෙන් ගමේ සුන්දර යුවතියන් හැඟීම් සඟවා ගන්නවා. ලාලිත්‍යය, ලැඡ්ජාශීලී බව වගේම ප්‍රේමය සමග එන බලාපොරොත්තු නාගරික යුවතියකට වඩා වෙනස්. | |
Siyabala Malak Obe Dothe Pipenakota - Asanka Priyamantha Peiris
| සියඹලා මලක් ඔබ දෝතේ පිපෙනකොට ඉගිලිලා යන්න බෑ ඔය ඇස්‌දෙකෙන් මට පියඹලා ඇදෙන රන් සමනළ යුවලකට නුඹේ හිතේ පෙම් සුවඳ ඇති තනි තොතනියට.... පෙම් හසුන් ඔබ ලියූ කවි පේලි සුන්දරයි රත්තරං හදවතේ ආදරේ පිවිතුරුයි තනිවෙන්න දෙන්නෙ නෑ මේ සිත ඔබට ආදරෙයි............ නෙතු සිඹින පුරහඳ ලස්‌සනයි රැයකට අමතක කරන්නෙපා මා ඔබේ සඳවත සිහිනෙන් ඇවිදින් මගේ යහනේ ඉන්න දෙව්දුව.............. ගේය පද: චන්න ජයනාත් ගායනය: අසංක ප්‍රියමන්ත පීරිස් තනුව: රොහණ වීරසිංහ |
|
කාගෙත් ඇස් කන්වලින් මිදීලා නිදහසේ තනිවෙන්න ඇත්නම්.... ආදරවන්තයන් යුවළකට ඒ තරම් සතුටක් තවත් නැහැ...... ඒ වෙලාවට ඔවුන්ට අවට කිසිම දෙයක් ගැන නිනව්වක් නැහැ..... ඒ අය ඉන්නේ ඒ අයටම වෙන්වූ සුන්දර ලෝකෙක.... කුඩයක් යටට වෙලා මුහුදු වෙරළක, බංකුවක් මතම හිඳ මල්වත්තක, අඳුරේ තුරුළු වී සිනමාශාලාවක.... මේ අය එකිනෙකාට කියන කතා..... පැණි වෑහෙන..... ආදර වදන්.... අත්දැකීම් නොලද්දවුන් සිටිත්ද... | |
Subscribe to:
Comments (Atom)












