සිත ඔබ පා මුල රඳවා බිඳි සෙනෙහස ගිනි උහුලා අහිමි විජිතයෙන් සමුගෙන යන්නම් ඔබට සෝ තැවුල් නොම වේවා. අසුරු සැනක් වූ රුසිරු අතීතය සිහිනෙන් ගෑ මුදු සුවඳක් සේ සදා රැඳේවා... ඔබේ ලොවේ... ඔබට පිදුම් වූ සිතක විරාගය කැටපත් පවුරක ගීයක් සේ සදා රැඳේවා... ඔබේ හදේ... පදමාලාව - කුලරත්න ආරියවංශ සංගීතය - රෝහණ වීරසිංහ ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස් |
|
ආදරයෙන් බැඳී සිටි දෙදෙනෙක් වෙන් වුණොත් ..... සිතට දැනෙන වේදනාව කියා නිම කරන්න බැහැ. මේ බිඳී සුනු විසුණු වන්නේ ප්‍රථම ප්‍රේමය නම්..... වේදනාව තවත් වැඩියි. බිඳුණු පෙමක වේදනාවේ අන්තය බොහෝ විට වෛරයයි. ආදරයයි වෛරයයි අතරේ වෙනස හරියට කෙස් ගසක් වගේ කියලයි කවියෝ කියන්නේ. මේ වෛරය හරිම දරුණුයි. පෙම්වතා පෙම්වතියගෙන් වෙන්වුණොත් පෙම්වතිය පෙම්වතාට වෛර කරනවා. පෙම්වතිය පෙම්වතාගෙන් වෙන්වුණොත් පෙම්වතා පෙම්වතියට වෛර කරනවා. |
ගීතයකට වැඩියමක් blog brings you the Story behind the Sinhala songs which have written in 70-90 decades. Story of Sinhala Songs with Lyrics, meaning and music Video from a single blog.
Wednesday, May 6, 2015
Sitha Oba Pamula Radawa - Deepika Priyadarshani Peiris | Story | Story behind the song | Lyrics | Meaning | Video | MP4
Sunday, April 26, 2015
ඔබට සිත ආදරේ කරයි - Dayarathna Perera | Story | Story behind the song | Lyrics | Meaning | Video | MP4
ඔබට සිත ආදරේ කරයි - දෙතොල ගොළුවී සිටියි
නැගුනු සෙනෙහේ කියනු බැරිවී
මගේ සිත වේදනා විඳියි...//
ලවන් හසකැන් නුවන් කැල්මන් - හොඳින් හඳුනන්නෙ ආදරේ
නුවන් රැහැනින් බැඳෙන්නට පින් - නොමැතිදෝ මා කෙරේ
මගේ විජිතේ සිනා නොමැකේ - විඩාපත් වේද ජීවිතේ
ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ - නවාතැන් වේද මාවතේ
ඔබේ පෙම් ලොල් හදේ නොකැලැල් - ලැගුම් සොයමින් නුවන් අයා
යොවුන් බිඟුදැල් හෙලූ හසරැල් - මසිත සුසුමන් දවා ගියා
මගේ විජිතේ සිනා නොමැකේ - විඩාපත් වේද ජීවිතේ
ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ - නවාතැන් වේද මාවතේ
Monday, February 3, 2014
Eda Medha Thura - Sanath Nandasiri | Story | Story behind the song | Lyrics | Meaning | Video | MP4
එදා මෙදාතුර කඳුලට විවරවු දෑස් පියන්පත් කවුළු වසා ළයේ ගලා ගිය සෙනේහයේ සුව සිනා පෙරූ රත් දෙතොල පියා... මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදුමැලි පාට පොවා දෑත ළයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා... දෑස් කවුළුපත් පලා කඳුළු කැට වෑහෙද්දී මගෙ දෑස් අගින් කාත් කවුරුවත් වෙතත හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින්.... ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබෙ මුව දොවතත් සුවඳ පැනින් මාත් මගෙ හිතටති ඔබ සුවඳයි ඈත්නොවේමෑයි ඒ සුවඳින්... ඊයේ ඉපදී අද මියයන්නට පෙරුම් පුරාගෙන උපන් ළයේ හීයේ වේගෙන් අහස උසට බැඳි ආදර ලෝකය හෙටත් තියේ... ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත... ඇයි මේ ලොව මා තනිව ගියේ... ආයේ දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ..... ගායනය / තනුව: සනත් නන්දසිරි ගී පද : විමල් ජයශාන්ත |
|
දවසක් සංගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මයව හම්බ වෙන්න තරුණයෙක් එනව. දන්න විදිහට දුම් රියපලක ස්ථානාධිපති කෙනෙක්. මේ කෙනා ගීයක පද පේළි කීපයක් ලියුව කඩදාසියක් සනත් නන්දසිරි මහත්මයට දීලා කියල තියෙනව "මහත්මයෝ මේ මම ලියන අන්තිම සින්දුව. මම ආයෙත් සින්දු ලියන්නෙ නැහැ. පුලුවන්කමක් තියෙනවනම් ඕක කියන්න" ය කියල. සනත් නන්දසිරි හොඳින් පැදි පේලිය කියවලා අහනවා "ඇයි මේ වගේ දෙයක් ලියන්න හේතුව" කියල. පිළිතුර වෙන්නේ "ඕක මගේ ඇත්ත අත්දැකීමක්" යන්න පමනයි. |
Friday, January 31, 2014
Thuruliya Nisalai - Iman Perera | Story | Story behind the song | Lyrics | Meaning | Video | MP4
පි: තුරුලිය නිසලයි - වැව් දිය සසලයි තනිකම ඉවුරු බිඳියි මග අතරමංව හිඳිමි ඔබ කොහිද කොහිද සොයමි ගැ: ඔබ ළඟම ළඟම හිඳිමි ගැ: සසර පුරා සුවඳ සරා ඔබම ළඟම රැඳෙමි ඔබ කොහිද කොහිද සොයමි පි: ඔබේ සුසුම් සුවඳින් පෑරී වෙල් ඉපනැල්ලේ පවන් සළයි ගංදොර සුහුඹුල් මතකය වැළපී සිත මා තෙමා වැටෙයි ඔබ කොහිද කොහිද සොයමි පි: ඔබේ සුරත් පහසින් ගිලිහී ලියගොමු ලන්දේ සොවින් සැළෙයි තණපත් මුතුපිණි කඳුළින් බරවී ඔබ පා පහස පතයි ඔබ කොහිද කොහිද සොයමි ගැ: ඔබ ළඟම ළඟම රැඳෙමි |
|
Me Anantha Rathriye - Damith Asanga | Story | Story behind the song | Lyrics | Meaning | Video | MP4
මේ අනන්ත රාත්‍රියේ සඳේ නුඹ කොහේ තාරුකා කියන්නකෝ නිදන්නෙ ඈ කොහේ අඳුරේ ගිලී නොපෙනී ගියේ සුසුමයිලු මා ඇගේ යුග නෙත් මගේ කඳුළින් තෙමී තනිවේද මා අනේ ජීවිතේට මං කියූ තාරකාවියේ දැන් ඉතින් නුඹත් ගියා කලුවරයි අනේ අම්බරේහි සඳ නොවී එළිය දුන් ලියේ දැන් ඉතින් නුඹත් ගියා කලුවරයි අනේ |
|
හුඟ දෙනෙක් ආදරය කරන්නේ ඔවුනොවුන් එකිනෙකාට අයිතියි කියා හිතලා... ඒත්... මේ ආදරවන්තයන් බොහෝමයක්ම අයිති ඔවුන්ට නොවෙයි. වෙනත් අයට ඒ නිසා සමහරවිට මේ අය අසම්මත පෙමක රස බලන්නන්. ඒත් ආදරය කියන්නේ වෙන් වෙන්න පුලුවන් බැඳීමක්ද එය හරිම අමාරුයි තේරුම් ගන්න. |
Subscribe to:
Posts (Atom)