මාගේ අතීත දිවියේ සැමරුම් මැකී මැකී කුමරී ඔබේ සිනාවේ කොහේදෝ මුළාවී මාගේ කුමාර කාලේ සෙනෙහේ අතීතයේ පෑයූ සුපුන් සඳක් වාගේ අප්සරාවියේ ඇයිදෝ වෙනස් වුනේ මහදේ වේදනා මවා අපගේ පැතුම් විමානේ වෙන්වීලා එක්වුණේ භවයෙන් භවේ පැතූ අපගේ ආදරේ නිසා කාලය ළඟා වුණේ ආයේ වේදනා නිවා |
|
ආදරය කරන අයට වගේම ආදරයෙන් පැරදුණු අයටත් ඒ ආදරයේ අතීත සිහිවටන බොහෝ සේ වටිනවා. සමහරු ප්‍රේමනීය සැමරුම් ආවර්ජනය කරමින් සතුටු වෙනවා. ඒ පෙම්වතුන්.. ඒත් සමහරු ගෙවී ගිය අතීතය මෙනෙහි කරමින් හදවතින් හඬා වැටෙනවා...... ඒ විරහවේ වේදනා විඳිමිනි. |
ගීතයකට වැඩියමක් blog brings you the Story behind the Sinhala songs which have written in 70-90 decades. Story of Sinhala Songs with Lyrics, meaning and music Video from a single blog.
Thursday, September 27, 2012
Mage Atheetha Diviye
Wednesday, September 19, 2012
Hadanna Lanwa Athi Obe Nuwan Pura - Edward Jayakodi | Story | Lyrics | Meaning | MP4
හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා ඇඳෙන්නෙ ජීවිතේ කතාව දෝ හෙළන්න බැරිව ලතවෙනා සුසුම් සදා කියන්නෙ ජීවිතේ මුලාව දෝ... තරු ඇසක් ඇරී උදාගිරේ බිම් මලක් මුවින් හිනා නැගේ තරු ඇසේ කතා මියේද බිම් මලේ හිනා මැකේද මේ වෙනස දෝ ආදරේ... සඳ රැහැන් වැටී සුනිල් දියේ කුමුදු මල් දෙතොල් විදා පිපේ හිරු ඇවිත් එ මල් දවාද ඒ දුකත් වසන්ව යාද මේ අරුත දෝ ආදරේ... ගේය පද: බන්ධුල නානායක්කාරවසම් ගායනය: එඩ්වඩ් ජයකොඩිගේ සහ ධම්මිකා බණ්ඩාර තනුව: රොහණ වීරසිංහ |
|
|
ජීවිතය කියන්නේ අස්ථිර දෙයක්... එක පැත්තකින් බලද්දී... මුළාවක්... මේ ලෝකයේ හැම දේම එහෙමයි... බලාපොරොත්තු තියාගන්න බැහැ... වෙනස් වන සුළුයි... ආදරේත් ඒ වගේ... අවිනිශ්චිතයි. |
Monday, September 17, 2012
Igilenna Thahanam Nam Durak
ඉගිලෙන්න
තහනම් නම් දුරක් ඇයි දුන්නෙ මට අත්තටු දෙකක් අපි ලිව්වෙ ලස්සන කවි දෙකක් මගෙ වෙන්නෙ ඇයි එක කවිපෙළක්... පෙම්වන්ත හිතටත් යට ඉඳන් පෙන්වන්න අවියක් ඔබ අරන් මට ගන්න හැකි ඉර හඳ උනත් ඔබ දන්නෙ නැහැ ඒ බව තවත්...// හැමදාම මල්පෙති ළංකළත් දැනුනේම නෑ සුවඳැති බවක් නෑ මා ඔබෙන් ලද අත්වැලක් සාධාරණයි අපි වෙන් කළත්.....// |
|
Thursday, September 13, 2012
Rantharu Payana Ahasa Balagena
රන්තරු පායන අහස බලාගෙන ඇයි ඔබ තව හිනැහෙන්නේ මගෙ හද දිනූ ආදරය සොරාගෙන වෙනෙකෙකු නොවැ අද ඉන්නේ මිහිර සොයා ගිය මගෙ ජීවය දැන් කඳුළැලි හා ලත වෙන්නේ සමාවෙයන් සොඳුරිය තවමත් මා අතමයි වරද තියෙන්නේ කුඩා රුවල බැඳ තනිව සයුර මැද ඈත අතීතය දෙස බැලුවේ... කොහේ සිටන් කොයි බට මා යාවිද මට නම් නෑ වැටහෙන්නේ... පලා දෙපලු කළ හදවත දැන් නම් කාට එකතු කළ හැක්කේ බලාගන්න සෙනෙහස තව ඔබටයි මා හද තුළ හැම වේලේ |
|
පෙම්වතුන් අතින් එකිනෙකාට එරෙහිව වැරදීම් ඕනෑ තරම් සිද්ධ
වෙනවා. මේ වැරදි සමහර විට දළුලා එන පෙම කැඩී බිඳී සුනුවිසුණු
වෙන්නත් බලපානවා. ආදරවන්තයින්ගෙන් පමණක් නොවේ විවාහකයන්
අතින්ද තම බිරියට හෝ සැමියාට එරෙහිව වැරදි කෙරෙනවා. වරදකරු
බොහෝ විට ඒ ගැන ලතවෙන අවස්ථා තිබෙනවා. ඒ තමන් අතින් ඇයට හෝ
ඔහුට සිදුවූ වරද ගැන සිතමින් |
Wednesday, September 12, 2012
Dura Atha Atheethaye - Chandrasena Hettiarachchi | Story | Story behind the song | Lyrics | Meaning | Video | MP4
දුර ඈත අතීතයෙ ඔබ හා ඇවිද ගොසින් ආසයි ආ මඟ ආයෙත් එන්නට අප පෙම බිඳුණු තැනින්... ඔබ සිත මා සිත දෙලොවක රැඳුනා නොසිතූ නොපැතූ ලෙසින් ගැටී එනමුදු තාමත් සිහින මැවෙනවා මතකය හදවත පතුලෙ රැඳී... බොළඳ සිහිනයකි මා සිත දකිනා සැබෑ ලොවක ඉටු නොවනු ඇතී ආසයි එනමුදු නැවත දකින්නට ඒ සිහිනේ... සැරිසරමු අපී... පද මාලාව - හේසල ගුණතිලක ගායනය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි |
|
දුර ඈත අතීතයට අපිට ආයෙත් යන්න ඇත්නම්... කවුරුත් ඒකට ආසාවෙයි. එතකොට අපිට පුළුවන් අපෙන් වූ වැරැදි, ජීවිතයේ ඇතිවූ ගැටුම් මඟහැර අලුතෙන් ආයෙත් ජීවිතය ගෙන එන්න. ඒත්... ඒත්... ඒක කවදාවත් සිදු නොවන දෙයක්. අපිට ආයෙත් ඇත්තටම අපේ ළමා කාලයට, අතීතයට යන්න බැහැ. පුළුවන් වෙන්නේ මතකය විතරක් ඈතට අරගෙන යන්න විතරයි. |
Subscribe to:
Posts (Atom)