වියෝවු පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් හැඩුදා කදුළයි දකින්නේ සිනහවේ සරදම් වියෝවු පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් හැඩුදා කදුළයි දකින්නේ සිනහවේ සරදම්... ඉවුරු දෑළේ හිද බැලුවිට ගග හැඩයි කදිමයි, දියටවන් විට එවන් ගගුලම බිහිසුණුයි, චන්ඩයි... වියෝවු පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් හැඩුදා කදුළයි දකින්නේ සිනහවේ සරදම්... හදක් නැතිදා අහස්තලයට තරුවදේ සැනසුම්, පුන්පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්.. වියෝවු පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් හැඩුදා කදුළයි දකින්නේ සිනහවේ සරදම් වියෝවු පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් හැඩුදා කදුළයි දකින්නේ සිනහවේ සරදම්... ගායනය : සුනිල් එදිරිසිංහ සංගීතය : රෝහණ වීරසිංහ පද රචනය : බන්ධුල නානායක්කාරවසම් |
|
ගීතයකට වැඩියමක් blog brings you the Story behind the Sinhala songs which have written in 70-90 decades. Story of Sinhala Songs with Lyrics, meaning and music Video from a single blog.
Saturday, June 13, 2020
Viyo Wu Pasuwai Denenne - Sunil Edirisinghe | Story behind the Sinhala songs
Mudu Muhune Suwa Denune - Karunarathna Divulgane & Deepika Priyadharshani Peiris
මුදු මුහුණේ සුව දැනුනේ ප්‍රිය ලඳුනේ මට විතරද ඔබෙ සුසුමේ සුව දැනුනේ හිමි සඳුනේ මට විතරද මුදු මුහුණේ සුව දැනුනේ ප්‍රිය ලඳුනේ මට විතරද ඔබෙ සුසුමේ සුව දැනුනේ හිමි සඳුනේ මට විතරද පුළුලුකුලේ සුව යහනේ නිදි වැරුවේ මන් විතරද පුළුලුකුලේ සුව යහනේ නිදි වැරුවේ මන් විතරද උර තලයේ හිස රන්දා සුව වින්දේ මන් විතරද මුදු මුහුණේ සුව දැනුනේ ප්‍රිය ලඳුනේ මට විතරද ඔබෙ සුසුමේ සුව දැනුනේ හිමි සඳුනේ මට විතරද ඉඟ නෙරියේ රැළි බින්දේ ප්‍රිය ලඳුනේ මන් විතරද ඉඟ නෙරියේ රැළි බින්දේ ප්‍රිය ලඳුනේ මන් විතරද ඉඟ නෙරියේ රැළි සැදුවේ හිමි සඳුනේ මගෙ විතරද මුදු මුහුණේ සුව දැනුනේ ප්‍රිය ලඳුනේ මට විතරද ඔබෙ සුසුමේ සුව දැනුනේ හිමි සඳුනේ මට විතරද පදමාලාව - මහින්ද දිසානායක සංගීතය - රෝහණ වීරසිංහ ගායනය - කරුණාරත්න දිවුල්ගනේ/ දීපිකා ප්‍රියදර්ශනී පීරිස් |
|
Kandu Pamula Sita - Athma Liyanage | Story behind the Sinhala songs
කඳු පාමුල සිට දැහැනට සමවැද මා ගයනා ගී ඔබට ඇසෙනවද කඳු මුදුනේ සිට දිවැස් හෙලනු මැන ආල වඩන සඳ කිඳුරු ලියේ මිටියාවත් කඳු ශිඛර සිසාරා සඳ බැස යන තුරු අවර වන පෙතේ ඔබ කිව් රහසින් මා සැලුනේ නැත ඔබ අන් සතු බව මා දැන සිටියෙමි ඇල දොල ගංගා සයුර සිසාරා ඉර නැග එන විට පෙරඹර අහසේ ඔය නෙතු කැල මෙන් මා සැලුනේ නැත ඔබ අන් සතු බව මම දැන සිටියෙමි ගායනය : ආත්මා ලියනගේ පද රචනය : සරත් ගුණරත්න සංගීතය : කාලෝවා විජේසිරි |
| |
Sunday, January 14, 2018
Sayurak Nodutu Gangulak - Sunil Edirisinghe | Story behind the Sinhala songs
සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නේ නෑ වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නේ නෑ // කඳුලක් නොසැලු නෙතකින් හසරැල් සොයන්නෙපා // ලැබුනත් බිඳුනු හදකින් සෙනෙහස සොයන්නෙපා සයුරක් නොදුටු .......... සිසිලක් නොමැති අහසින් වැසි දිය යදින්නෙපා // ලැබුනත් බිඳුනු හදකින් සෙනෙහස සොයන්නෙපා සයුරක් නොදුටු .......... // ගායනය - සුනිල් එදිරිසිංහ |
|
Supem Hangum Oben Epa - Lakshman Wijesekara & Pradeepa Dharmadasa | Story behind the Sinhala songs
සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරුදම් විනා නෞකාවකි මා ඈත සමුදුරේ මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ // තරු එළිය නුදුටු රාත්‍රි කාලයේ දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින් කිසිදින අප හමුනොවන බව දනිමි සිහිනය මිය යා යුතුය මේ ලෙසින් සුපෙම් හැඟුම්...... දිවයුරු සැඟවෙන මොහොතක තනිවී ඉකිබිඳිමි වියරු වී පාළුවෙන් පියදසුනකි තනි හිතක නොමැකෙනා නෙතු වෙහෙසමි යළි දකිනතුරු දුරින් සුපෙම් හැඟුම්...... ගායනය - ප්‍රදීපා ධර්මදාස සමගින් ලක්ෂ්මන් විජේසේකර සංගීතය - රෝහණ වීරසිංහ පදරචනය - කපිල කුමාර කාලිංග |
|
Mindada Hee Sara - Pandith Amaradewa | Story behind the Sinhala songs
මින්දද හීසර වැදී සැළෙන හද නංවන දුක් ගී ඔබට ඇසෙනවද නන්දන මල් අතුරා ඇති යහනට කන්ද කපා පායන් රන් පුන් සඳ මින්දද හීසර වැදී සැළෙන හද..... තුරඟෙකු පිට නැගි නීල වලාකුළු ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ // පිබිදුනු දෑසින් බලා හිඳිමි මම // කුසුම් සිනා කැන් හද පුරවා මින්දද හීසර වැදී සැළෙන හද..... මෙතුවක් කල් මුව මඬල වසා සිටි අන්ධකාර සළු පටින් මුදා // නෙත් මිණි පහනින් පහන් කරනු මැන // අනාගතේ මන් පෙත පාදා මින්දද හීසර වැදී සැළෙන හද ..... ගායනය - පණ්ඩිත් අමරදේවයන් |
|
Iri Thelunu Wala - Amarasiri Peiris | Story behind the Sinhala songs
ඉරි තැලුනු වළා උඩු වියන් යටන් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ සිව් දෙසින් හඹා එන මොටෝ රථ රඟ සෙනඟ රවටමින් වට පිටේ සීරුවට විදුලි ඇස් සිනාසේවී නොරැවටී යන්න යමු කහ ඉරෙන් එතෙර වීලා රිය පෙලේ කිරුළු හිමි රජවරුන් අත වනාවී බිම බලන් යන්න යමු කහ ඉරත් රැළි වැටීලා ගායනය - අමරසිරි පීරිස් තනුව: තිස්සසිරි පෙරේරා ගේය පද: සමන් අතාවුදහෙට්ටි |
|
Kolamba Duwanniye - Samitha Mudunkotuwa | Story behind the Sinhala songs
Hima Diyawee Himalaye - Amarasiri Peiris | Story behind the Sinhala songs
හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා.. සුදු පෙණ කැටි බලන්න රාධා.. සුළඟ හමයි සීතල සාදා.. සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා.. සිනා රැලි නගා උතුරණ ඔය හදවත් නීල ජලාසේ.. පීණන මේ ස්වර්ණ හංසයෝ.. අකීකරුද මෙතරම් රාධා.. ඉඩ දී දෙන්නට දඩුවම් දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා.. හිම දියවී හිමාලයේ... මල් පෙති පොඩිවී ඉකිලන මේ හෝපලු යහන් තලාවේ.. සඳ දිය මිණිමෙවුලට වැටිලා.. දෑස නිලංකාරයි රාධා.. ගිලිහී ගියදෙන් මිණි කැට දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා.. හිම දියවී හිමාලයේ... ගායනය : අමරසිරි පීරිස් සමඟින් වසන්තා තිලකාංගනී පද රචනය : ධම්මික බණ්ඩාර සංගීතය : ඩැනිස්ටර් පෙරේරා |
|
Tuesday, May 16, 2017
Sada Tharunihadai Gahakola Nisalai - Pandith Amaradewa | Story behind the Sinhala songs
සඳ තරු නිහඬයි ගහකොළ නිසලයි මුලු ලොව සැතපෙයි සිතිවිලි විතරක් අවදි වෙලා.... පියා නුවන් යුග නිවා හැඟුම් සිත සැතපෙන්නට වෙර දරන පැයේ පාලුව තනිකම කුටියට අවුදින් හදවත අවදි කළා... මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර සිහිනයකින් මෙන් ගලා රැයේ සෙනෙහස හඬවා මතකය ඉකි බිඳ හදවත අවදි කළා.... ගායනය : ඩබ්. ඩී. අමරදේව සංගීතය : එච්. එම්. ජයවර්ධන පද රචනය : කුලරත්න ආරියවංශ |
|
Wednesday, April 26, 2017
Budu Hamuduruwo Wediya Wagei | Story behind the Sinhala songs
බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ මගෙ අම්මා වත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ මා ගෙලලූ බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ අනේ ස්වාමිනි මා ගෙල ලන්නට ඉඩ නම් දෙන්න එපා ගෙලවැලලූවොත් මගෙ මළ කඳ අම්මට පෙන්නන්න එපා ඇතිදා ලඟ උන් මිතුරන් මතු සසරෙදි හමු වෙන්න එපා නැති දා ලඟ උන් බුදු අම්මේ නුඹ දුක් ගිනි ගන්න එපා නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනක සමා මරණයෙ දොරකඩ සිට ඔබ පා යුග සිඹ සමු ගනිමි මෙමා කෙළිලොල් කම් පිරි මා සතු දිවිමග දැන් දැන් වේවි නිමා මරණ බයක් නෑ අම්මා සිහිවෙයි... බුදු හාමුදුරුවො වැඩියා වාගෙ පින්බර ස්වාමිනේ දුක හිතිලයි මා හිරගෙට ආවෙ පුතුගේ මරණ දිනේ දුදනන් ඇසුරින් පරපණ නැසුවත් නුඹ මගෙ පුතුය අනේ මතු උපදින දා මගෙම පුතු වෙයන් හොඳ මිනිසකු ලෙසිනේ ගායනය : සනත් නන්දසිරි/ මල්කාන්ති නන්දසිරි සංගීතය : සනත් නන්දසිරි පද රචනය : සනත් නන්දසිරි |
|
Kawurunda Oba Mage - Sunil Edirisinghe | Story behind the Sinhala songs | Story | Lyrics | Meaning
කවුරුන්ද ඔබ මගේ.. කවුරුන්ද මා ඔබේ.. දෙතොල් සලා මුදු සිනහ නගන්නෙමු දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙමු.. හදවත් ගැහෙනා රිද්මය අතරේ.... සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු.. ප්‍රේමය ගොළුවී හඬා වැටීලා.. ඔබ හද මා හද රිදවන මොහොතේ.. ජීවිතයට හුරු පැරදුම හමුවේ.. නොදොඩා ගොළුවී බලා සිටින්නෙමු.. ගායනය : සුනිල් එදිරිසිංහ සංගීතය : රෝහණ වීරසිංහ පද රචනය : සමන් ආතාවුදහෙට්ටි |
|
Tuesday, April 18, 2017
Obata Waram Nethi- KArunarathna Divulgane | Story behind the Sinhala songs
ඔබට වරම් නැති මටද වරම් නැති ඉවත ගලා ගිය කඳුලක දියවී ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ... // ඔහුට පුදන්නට පූජාසනයේ නොකිලිටි මල් පිපුනිද ලඳුනේ.. පෙති ගිලිහී ගිය පරසතු කුසුමක සුවඳ කොහේ කොතැනද රැදුනේ... ඔබට වරම් නැති..... ආ මඟ වැරදී ඔහුද ඔබද මා දෛවයේ තුන්මංසල හමුවී.. බලා හිඳිනු මිස හඬාවැටෙන්නට කඳුලක් නැ දෙනුවන පිපුනේ... ඔබට වරම් නැති..... පදමාලාව - රංජිත් රූපසිංහ සංගීතය - නාලක අංජන කුමාර ගායනය - කරුණාරත්න දිවුල්ගනේ |
|
Monday, April 17, 2017
Sonduriya Kalaya Kotharam Napuruda - Amarasiri Peiris | Story behind the Sinhala songs
සොඳුරිය කාලය කොතරම් නපුරුද රැකගත් ආලය උදුරා ගෙන ගිය කාලය කොතරම් නපුරුද සොඳුරිය... පෙරුම් පුරා දුක සේ ගළපා ගත් කවිය ඔබම වී නැළැවුණු යුගයක හද ඇඳි ඔබ රුව සිහිනෙකවත් නැත ඒ රුව කෙතරම් මිහිරිද සොඳුරිය... ලොවට හොරා විළි ලා බිහිකර ගත් වසන්තයේ සඳ මියැදුණු දවසක බෙදා හදාගත් දුක වත් අද නැත ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය... පදමාලාව - සමන්ත හේරත් සංගීතය - ප්‍රේමසිරි කේමදාස ගායනය - අමරසිරි පීරිස් |
|
Gaman Magak Thibunada Me - Rohana Weerasinghe | Story behind the Sinhala songs
ගමන් මගක් තිබුණාද මේ ප්‍රේම චාරිකාවේ... ගිමන් හලක් හමුවීද මේ ප්‍රේම චාරිකාවේ... නෙතින් ගැලු කඳුළින් මිදෙන්නට හිතේ සුසුම් ගිනි දැල් නිවා ඔබයි මමයි හැමදා හිඳින්නද ඉරයි හඳයි මියෙනා තුරා... අපේ පෙම් ලෝකයේ... ගමන් මගක් විමසා බලන්නට කෙනෙක් නොවී නෙත් මානයේ ඔබත් මුලා විය මමත් මුලා වුණි ඉමක් කොනක් නැති මාවතේ... විරහ පෙම් මාවතේ ... පදමාලාව - කුමාරදාස සපුතන්ත්‍රි සංගීතය - එඩ්වඩ් ජයකොඩි ගායනය - රෝහණ වීරසිංහ |
|
Tuesday, March 15, 2016
Handa Mama Udin Yathe - Victor Rathnayake | Story behind the Sinhala songs
හඳ මාමා උඩින් යතේ අපෙ මාමා බිමින් යතේ... හඳ මාමයි අපෙ මාමයි දෙන්නා එක කන්තෝරුවෙ වැඩ කෙරුවේ දෙන්නට දෙන්නා කිරි පැණි වාගෙයි කන්තෝරුවෙ නිලතල දැරුවේ... හඳ මාමා හැම මොහොතෙම ඉදිරියෙ අනාගතය ගැනමයි බැලුවේ අපෙ මාමා ඔහෙ කකුල් වන වනා එදා දවස ගැනමයි හිතුවේ... දියුණු වන්න වේලාවක් නැති විය අපෙ මාමා තව පහළ ගියා රාජකාරි හරි අකුරට ඉටුකළ හඳ මාමා තව ඉහළ ගියා... නිතරම තමන්ගෙ අනාගතය ගැන සිතීම වැදගත් නොවෙද කියා ආකාසේ ඉඳ තැන්පත් ගතියෙන් ඇත හඳ මාමා දෙනෙත අයා... |
|
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස් තනුව හා සංගීතය: වික්ටර් රත්නායක ගායනය: ෆ්‍රෙඩී සිල්වා |
Mame Me Bakamuna - HR Jothipala | Story | Story behind the song | Lyrics | Meaning | Video | MP4
මාමේ... මේ බකමූණා හා හා හ්ම් හ්ම් ගෑවා බිළිඳු නළෝලා... නළෝලා... මාමේ... මේ මූ මීමා කන්දෙන් පැන ආවා බිළිඳු නළෝලා... නළෝලා... මාමේ... කිරි මුට්ටිය නුඹෙ ගඟේ ගියා ගඟ දෙගොඩින් එය ගලා ගියා නැළවිලි ගී අහලා ඇතේ ඒවා හරි පරණයි පුතේ අලුතින් හදලා නැළවිලි ගීයක් මාමා කියයි නළෝලා... දොයි දොයි දොයි මගෙ දොයිය පුතේ දියුණට යන අය දුටොත් පුතේ කටු ගසනා අය හුඟක් ඇතේ නුඹ ඒ වැන්නෙක් නොවෙන් පුතේ මිනිසුන් අතරේ මිනිසෙක් වාගේ හිටපන් පුතේ සිනා වී... කළත් විවේචන බොහෝ දෙනා වැඩක් ඇති වැඩක් කරනු මනා නොකළොත් කාටත් බොරු වංචා හොඳ මිනිහෙක් වෙයි මේ පැංචා තුරුලට ගන්නා නට නට ඉන්නා නිදියන් පුතේ සමා වී... |
|
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස් ගායනය : එච්. ආර්. ජෝතිපාල සහ ෆ්‍රෙඩී සිල්වා |
Thursday, March 10, 2016
Ada Ipaduna Newum Lowata - Sunil Edirisinghe | Story | Story behind the song | Lyrics | Meaning | Video | MP4
අද ඉපැදුණු නැවුම් ලොවට සිව් දෙවියනි වරම් දෙන්න පතිනි මවුණි බැල්ම හෙලා හද සුව යහනේ රකින්න// උපන් බිළිදු නහවන්නට රුවන් පිරිත පැන් වඩතී සිරි මා බෝ පත් සෙළවී මෙත් සිහිළෙන් සුවය දෙති දහසක් දෙව් බඹුන් නිතින තුන් තිස් පැය තනි රකිති සද හිරු දෙපසින් අවදිව කල්පයකට ආයු දෙතී කල්පයකට ආයු දෙතී සහසක් බුදු වදන් නිතර නැළවිලි ගීයෙන් ගයතී සිරි දළදා හිමි සරනින් පිහිට ලබා නිදුක් වෙතී උපන් පුතුට ලෙවන් අතර දහසක් කිරි මවුන් ඇතී බාල බිලිදු පිළි ගන්නට සමන් දෙවිදු දෝත දෙති සමන් දෙවිදු දෝත දෙති ගායනය : සුනිල් එදිරිසිංහ සංගීතය : රෝහණ වීරසිංහ පද රචනය : කුමරදාස සපුතන්ත්‍රි | |
Tuesday, August 4, 2015
Perum Puragena A Sansare - Senanayake Weraliyadda | Story behind the Sinhala songs
පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනු විසුනුව වැටුනේ... කාටද රිදුනේ... කවුරුද හැඬුවේ... දුම්රිය මොහොතක් නතර වුනේ.... මලක් වගේ රොන් සුවඳ වගේ ජීවිතයේ සුව අපමන වේ..// දොලක් වගේ දිය දෝත වගේ ජීවිතයේ අම සිසිල දැනේ... පෙරුම් පුරාගෙන..... වරක් නෙතඟ කඳුලැල් පිරූනාදෝ සිතට දරාගනු බැරි දුක් වීදෝ..// දිවිය මොනතරම් සුන්දරදෝ දුකම කොයිතරම් සතුටක්දෝ ගී පද: මහකණුමුල්ලේ වජිර හිමි තනුව: සේනානායක වේරලියද්ද ගායනය: සේනානායක වේරලියද්ද |
|
එක හාමුදුරු නමක් ලංකාවේ එක දුම්රියක ගමනක් යමින් උන්නා.. තම ගමන් කෙසේ වුවද තම පෑන අතට ගෙන යමක් ලියන්නට පුරුදුව සිටි හිමි නම ගීත ලියමින් උන්නා. මෙහෙම යන දුම්රිය එකවරම නතර වෙනවා.. |
Wednesday, May 6, 2015
Anna Balan Bera Hadin Udam Wee - Edward Jayakodi | Story behind the Sinhala songs
අන්න බලන් බෙර හඬින් උදම් වී දෑත දෙපා සෙලැවෙන අන්දම් අන්න බලන් උඩු ගුවන් තලේ හිඳ මාලක්‌කම කැරකෙන අන්දම් අනන්ත වූ බර හිසින් දරාගෙන වෙස් තට්‌ටුව පැළඳුව සිරසේ කුසෙන් නැගෙන ගිනි දැලෙන් වෙලී ගොස් රනේ රුවට නළලත දිළිසේ අවුල්හැරෙන් ඉණ හැඩෙන් වැසුණු කය රැඳෙන්නෙ නෑ කෙනෙකුගෙ දෑසේ දවුල් හඬෙන් තාලමෙන් වැසී ගිය කනට වෙනින් කිසිවක් නෑසේ ගී පද: බණ්‌ඩාර ඇහැළියගොඩ තනුව: රෝහණ වීරසිංහ ගායනය: එඩ්වඩ් ජයකොඩි |
|
කෙනෙක් අසරණ වුණාම... විඳින හිත් වේදනාව දරාගන්න බැහැ. ජීවිත ගමනේදී අසරණ වන බොහෝ දෙනෙකුට තනිවෙන්නත් සිද්ධවෙනවා. තනිවෙන්නෙ නැහැ. සමාජය විසින් ඔවුන්ව තනි කරනවා. එවිට ඉපිද එන දුක හදවත පැලෙන තරමේ දුකක්. මේ වගේ අසරණ වුණු කීදෙනෙක් විඳින වේදනාව සඟවාගෙන සමාජයට මුහුණ දෙනවාද. හදවතින් විඳින වේදනාව සඟවාගෙන අනෙකා සතුටු කරන කීදෙනෙක් මේ සමාජයේ වෙසෙනවාද.... |
Re Ahase Tharuketa Paya Diluna - Athma Liyanage | Story behind the Sinhala songs
රෑ අහසේ තරු කැට පායා දිලුනා... මා තනි වී සිතිවිලි සයුරේ වෙලුනා... ඔබේ සුමුදු අත මා අත් පටලා තරු දහසක් පායා ඇති දිනයක පියමං කෙරුවා පෙර අප දෙදෙනා තරු කැට අතරේ රැඳී දිලෙනවා සිතට දැනෙනවා... තරු එළියක් වී දෙනෙතට වැටිලා සඳ කිරණින් ඔබෙ මුහුණ සේදිලා ආදරයෙන් අප පියමං කෙරු හැටි තරුකැට මා මතකයට ගෙනෙනවා සිතට දැනෙනවා... පදමාලාව - ප්‍රේමලාල් උඩුමුල්ල සංගීතය - ආත්මා ලියනගේ ගායනය - ආත්මා ලියනගේ |
|
තරු පායා ඇති රැයක නිසොල්මනේ...... මොහොතක් අහස් කුස දෙස බලා සිටින්න. හරියට පුංචි පුංචි මල්වලින් හැඩ දැමූ කලු පැහැති පළසක් වගේ...... එහෙමත් නැතිනම් මල්වත්තක් වගේ..... අහස අන්ධකාරයි. ඒත් තරුවලට බියෙන් අන්ධකාරය සැඟවිලා. කෙතරම් සුන්දරද....... තරු පිරි අහස දෙස බලාසිටිද්දී හිතේ ඉපදෙන හැඟුම්....... සමහර වෙලාවට ප්‍රේමණීයයි. තවත් වෙලාවකට කලාත්මකයි. |
Subscribe to:
Posts (Atom)